Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රාගම වෙළඳසැලකදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිසට ලැබුණු නියෝගය

48 minutes ago

රාගම ප්‍රදේශයේ වෙළෙඳ සැලක් තුළදී කාන්තාවකගේ හිසකෙස් කපා අඩන්තේට්ටම් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවූ ප්‍රධාන සැකකාරිය ඇතුළු සැකකරුවන් හත්දෙනා ශරීර ඇප මත මුදා හැරීමට වත්තල මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය නියම කළාය.

එහිදී අධිකරණය නියෝග කළේ එක් අයෙකුට රුපියල් එක් ලක්ෂ පනස් දහස බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමටයි.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ රාගම ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකාරිය සහ එම වෙළෙඳ සැලේ සේවය කළ සේවකයින් හය දෙනෙකි.

මෙම සිද්ධිය මීට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ ද දැඩි කතාබහට ලක්වූ අතර, අදාළ කාන්තාවට අඩන්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, අගතියට පත් කාන්තාව එම වෙළෙඳ සැලේ විශ්වාසය දිනා ගනිමින් කටයුතු කර පසුව සොරකම් සිදු කර ඇති බවයි. එම අවස්ථාවේ ඇති වූ ආවේගශීලීකම හේතුවෙන් මෙවැනි සිදුවීමක් සිදු වුවද, ඒ පිළිබඳව තම සේවාදායකයන් කණගාටු වන බව නීතීඥවරයා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම ඕනෑම කොන්දේසියක් මත තම සේවාදායකයන්ට ඇප ලබා දෙන ලෙස කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, සැකකරුවන් හත්දෙනා මුදා හැරීමට පියවර ගත්තාය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *