භාෂාවන් ඉගෙන ගන්නා රාජ්‍ය සේවකයින්ගේ භාෂා දැනුම ගැන පසු විපරම් සිදු කළ යුතු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.
ජාතික භාෂා අධ්‍යාපන පුහුණු ආයතනයේ නිලධාරීන් සහ අධිකරණ ඇමැතිවරයා අතර පැවති සාකච්ඡාවකදී මේ බව පවසා සිටියා.
ඉකුත් (21) දින පස්වරුවේ මාකුඹුර පිහිටි ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේදී මෙම සාකච්ඡාව පැවති අතර ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ ක්‍රියාකාරීත්වය සහ ව්‍යුහය පිළිබඳව ද එහිදී අවධානය යොමුව තිබුණා.
සිංහල සහ දෙමළ භාෂාව අධ්‍යයනය කළ රාජ්‍ය සේවකයින් එම භාෂාව ඉගෙන ගැනීම සහ එම භාෂාව ප්‍රයෝජනයට ගන්නා ආකාරය පිළිබඳ වසර තුනකින් හෝ හතරකින් පසු විපරමක් සිදු කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී කාර්ය මණ්ඩලය වෙත උපදෙස් ලබා දීමද සිදු කළා.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ජාතික ඒකාබද්ධතා) වී.මධුමතී , ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ සභාපති චන්ද්‍රා වික්‍රමසිංහ, එහි අධ්‍යක්ෂ ජනරාල් ශාමින්ද මහලේකම් යන මහත්ම මහත්මීන් ඇතුලු ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාව සදහා සහභාගී වුණා.

13 හැවිරිදි පිරිමි දරුවෙක් අතුරුදහන්! සොයා ගැනීමට මහජන සහය පතයි!
වාහන හිමිකරුගේ නම යෙදූ අංක තහඩු දෙන්න සැරසෙයි
සීනි, පරිප්පු, අල, ලූනු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක මිල පරාසයන් නිකුත් කරයි
නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිගේ කැබ් රථය අනතුරට ලක් වෙයි
නුවන් තුෂාර සිය පැමිණිල්ල ඉවත් කර ගනී
පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ අයෙකුට මරණ දඬුවම නියම කෙරේ
ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු වෙනවාද? රජයෙන් පැහැදිලි කිරීමක්
හිරු නාලිකාවට විරුද්ධව තෙල් සංස්ථාවේ සභාපතිගෙන් පැමිණිල්ලක්
නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව කැඳවීමට දින දෙයි
පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ඇසෙන අලුත්ම පුවත
හැකර්වරුන් මෙරට භාණ්ඩාගාරයෙන් සොරාගත් මුදල ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී ලංකා සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්