රුපියල් පහළොස් දහසක අල්ලසක් ලබාගත් බවට වරදකරු වූ කම්කරු ක්ෂේත්‍ර නිලධාරියෙකුට කොළඹ මහාධිකරණය විසින් වසර 06ක සිරදඬුවම් නියම කර තිබෙනවා.
ඒ වසර 17 ට පෙර වැල්ලවාය, වීරසේකරගම ප්‍රදේශයේ පදිංචි කුකුල් ගොවිපලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකුගෙන් රු.15,000ක මුදලක් අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවටයි.
මෙලෙස සිරදඬුවම් නියම වූයේ හපුතලේ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ සේවය කළ නිලධාරියෙකුටයි.
2009 වසරේ සැප්තැම්බර් මස දෙවනදා වැල්ලවාය, වීරසේකරගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගෙන් මොහු මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ලැබී තිබුණා.
ඒ අනුව ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරනු ලැබ තිබෙනවා.
අදාළ නඩුව අප්‍රේල් 23 වැනිදා කොළඹ මහාධිකරණයේ අංක 06 අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී, ඉදිරිපත් වූ සාක්ෂි මත විත්තිකරුට එරෙහිව ගෙන ආ චෝදනා තුනම ඔප්පු වී ඇති බව මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා තීන්දු කර තිබෙනවා.
ඒ අනුව, විත්තිකරුට එක් චෝදනාවකට වසර 06 බැගින් එකවර ගෙවී යන සේ සිරදඬුවම් නියම කෙරුණු අතර, එක් එක් චෝදනාවට රුපියල් 5,000 බැගින් දඩ මුදලක් ද නියම කළ අතර මීට අමතරව ඔහු ලබාගත් රුපියල් 15,000ක අල්ලස් මුදලට සමාන දණ්ඩන මුදලක් ද ගෙවන ලෙසයි අධිකරණය නියෝග කර තිබෙන්නේ.

අනතුරුදායක ලෙස රිය පැදවූ තරුණයෙකුට වැඩ වරදී
අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
සාම පා ගමනේ අද ගමන් මග
මැයි මාසයේ මත්පැන් අලෙවිසැල් වසා තැබෙන දින 3ක් පිළිබඳව දැනුම්දීමක්
මහින්ද පතිරණට එරෙහි වටගලගේ අපහාස නඩුව කැඳවයි
සජබ ප්‍රබලයෙක් සිය තනතුරුවලින් ඉවත්වෙයි
රුමේෂ් තරංගගෙන් ලෝක මට්ටමේ දක්ෂතාවක්
සාම පාගමන බලන්න ආ පිරිසට පඤ්ඤාකර හිමිගෙන් අවවාද
විදුහල්පති සේවයට බඳවා ගැනීමේ තරග විභාගය කල් යයි
පාප් වහන්සේ කළ ඉල්ලීම
“විශ්වාසභංගය ගේනකන් මන් තාම බලන් ඉන්නවා” – අගමැතිනි හරිනි අමරසූරිය
ප්‍රබල අකුණු සහිත වැසි ගැන කාලගුණයෙන් නිවේදනයක්