2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගී වීමට හැකිවන පරිදි තමන් වෙත “විරෝධතා නොමැති බව” සඳහන් සහතිකය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකිරීමේ අනිවාර්ය අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර ගොනු කළ පැමිණිල්ල අද (23) කොළඹ දිසා අධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා.
මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ ජී.ජී. අරූල්ප්රගාසම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් IPL ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් දැනටමත් අවසන් වී ඇති නිසා මෙම ඉල්ලීම තවදුරටත් පවත්වාගෙන යාමට සිය සේවා දායකයා අපේක්ෂා නොකරන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියා.
ඒ අනුව අදාළ පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් අධිකරණය, අනතුරුව එය නිෂ්ප්රභා කළා.

13 හැවිරිදි පිරිමි දරුවෙක් අතුරුදහන්! සොයා ගැනීමට මහජන සහය පතයි!
වාහන හිමිකරුගේ නම යෙදූ අංක තහඩු දෙන්න සැරසෙයි
සීනි, පරිප්පු, අල, ලූනු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක මිල පරාසයන් නිකුත් කරයි
රාජ්‍ය සේවකයින්ගේ භාෂා දැනුම ගැන පසු විපරම් සිදු කිරීමට යෝජනාවක්
නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිගේ කැබ් රථය අනතුරට ලක් වෙයි
පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ අයෙකුට මරණ දඬුවම නියම කෙරේ
ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු වෙනවාද? රජයෙන් පැහැදිලි කිරීමක්
හිරු නාලිකාවට විරුද්ධව තෙල් සංස්ථාවේ සභාපතිගෙන් පැමිණිල්ලක්
නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව කැඳවීමට දින දෙයි
පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ඇසෙන අලුත්ම පුවත
හැකර්වරුන් මෙරට භාණ්ඩාගාරයෙන් සොරාගත් මුදල ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී ලංකා සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්