Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

චමරිගේ තුන් ඉරියව් දක්ෂතා ශ්‍රී ලංකාව දිනවයි

19 hours ago

සත්කාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (22) සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ.

රාජ්ෂාහිහිදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 45.5කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 165ක් පමණි. බංග්ලාදේශ නායිකා නිගාර් සුල්තානා ලකුණු 42ක් රැස් කරමින් සිය කණ්ඩායම වෙනුවෙන් ඉහළම ලකුණු ලාභිනිය බවට පත් වූවාය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලකුණු 36කට කඩුලු 3ක් දවාගත් අතර, ඉනෝකා රණවීර, නිමාෂා මීපගේ සහ මල්කි මදාරා කඩුලු 2 බැගින් දවාගනිමින් බංග්ලාදේශ ඉනිම සීමා කිරීමට සමත් වූහ.

ලකුණු 166ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38.2කදී කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රහණය සපුරා ගත්තේය. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 50ක් ලබාගනිමින් ඉනිම ශක්තිමත් කළ අතර, නායිකා චමරි අතපත්තු සහ හංසිමා කරුණාරත්න ලකුණු 40 බැගින් රැස් කරමින් ජයග්‍රහණය තහවුරු කළහ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *