වලස්මුල්ල, බෝවල ප්‍රදේශයේ පැවැති බක්මහ උළෙලක් අවසානයේ ඇති වූ දරුණු ගැටුමකින් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන්වරයෙකු ඊයේ (24) ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මාලිගාවත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ, වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරු පියෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා වන පරිදි, බක්මහ උළෙල පැවැති ස්ථානය පිරිසිදු කරමින් සිටි සිය සහෝදරයාට පිරිසක් පහර දෙන බවට ලද තොරතුරක් මත, නිවාඩු ලබා සිටි සැරයන්වරයා සිය මෝටර් රථයෙන් එම ස්ථානයට පැමිණ ඇත. එහිදී සිය සහෝදරයා බේරා ගැනීමට උත්සාහ කිරීමේදී විරුද්ධ පාර්ශ්වයේ පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද තියුණු ආයුධ ප්‍රහාරයකින් ඔහු බරපතළ තුවාල ලබා තිබේ.
ප්‍රහාරයෙන් පසු වහාම වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කළ සැරයන්වරයා, තත්ත්වය බරපතළ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහලටත්, අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහලටත් මාරු කර යවා ඇත. එහි දැඩි සත්කාර ඒකකයේ දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් වලස්මුල්ල පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඊට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීමට පරීක්ෂණ මෙහෙයවනු ලබයි. මියගිය පොලිස් සැරයන්වරයාගේ අවසන් කටයුතු හෙට (26) පූර්ණ පොලිස් ගෞරව මධ්‍යයේ සිදු කිරීමට නියමිතව ඇත.

මාල කේස් එක ඉවරයි.. දැන් සම්පූර්ණ අවධානය ක්‍රිකට්වලට.. – භානුක රාජපක්ෂගෙන් X සටහනක්
ප්‍රවේශම්වන්න! ඔබගේ බැංකු ගිණුම හිස් කරන අලුත්ම ඩිජිටල් ජාවාරම ගැන පොලිසියෙන් රතු නිවේදනයක්!
රාගම වෙළඳසැලකදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිසට ලැබුණු නියෝගය
ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි! මහ බැංකුවෙන් අලුත්ම වාර්තාවක්!
පහළොස් දහසක අල්ලසක් ගත් රජයේ නිළධාරියෙකුට අමතක නොවන දඬුවමක්
අනතුරුදායක ලෙස රිය පැදවූ තරුණයෙකුට වැඩ වරදී
අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
සාම පා ගමනේ අද ගමන් මග
මැයි මාසයේ මත්පැන් අලෙවිසැල් වසා තැබෙන දින 3ක් පිළිබඳව දැනුම්දීමක්
මහින්ද පතිරණට එරෙහි වටගලගේ අපහාස නඩුව කැඳවයි
සජබ ප්‍රබලයෙක් සිය තනතුරුවලින් ඉවත්වෙයි
රුමේෂ් තරංගගෙන් ලෝක මට්ටමේ දක්ෂතාවක්