තමිල්නාඩුවේ 17 වන මහ ඇමතිවරයා ලෙසින් වැඩ භාරගත් තලපති විජේ, පළමු දිනයේම සිය ප්‍රධාන සුභසාධන යෝජනා ක්‍රම තුනකට අත්සන් තබා තිබේ.
කාන්තා ආරක්ෂාව, තරුණ සුභසාධනය සහ මහජන යහපැවැත්ම යන කරුණු කෙරෙහි අවධානය යොමුකර මෙම යෝජනා ක්‍රියාවට නැංවීමට තීරණය කර ඇත.
කාන්තා ආරක්ෂාව වෙනුවෙන් ‘Singappen Athiradi Padai’
විජේගේ යෝජනාවල කොටසක් ලෙස තමිල්නාඩුව පුරා කාන්තා ආරක්ෂාව සහතික කිරීම අරමුණු කරගත් ‘Singappen Athiradi Padai’නමින් නව විශේෂ කාන්තා ආරක්ෂක ඒකකයක් දියත් කළේය.
බලයට පත්වීමෙන් පසු විජය ඔහුගේ පළමු තීරණය ලෙස මෙම ඒකකය නිල වශයෙන් පිහිටුවා ඇත. ඒ අනුව ප්‍රාන්තයේ සියලුම ප්‍රදේශවල කාන්තා ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා මෙය ක්‍රියාත්මක වනු ඇත.
නොමිලේ විදුලි ඒකක 200ක්
තමිල්නාඩුවේ නිවාස සඳහා මාස දෙකකට වරක් නොමිලේ විදුලිය ඒකක 200ක් ලබා දෙන යෝජනා ක්‍රමයක් අනුමත කළේය.
මෙම පියවර ගනු ලබන්නේ දැනට පාරිභෝගිකයින්ට නොමිලේ විදුලි ඒකක 100ක් ලැබෙන යෝජනා ක්‍රමයට අමතරවය.
සෑම දිස්ත්‍රික්කයකටම මත්ද්‍රව්‍ය නාශක ඒකකයක්
‘මත්ද්‍රව්‍යවලින් තොර තමිල්නාඩුවක්’ නිර්මාණය කිරීමේ සහ තරුණයින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ආරක්ෂා කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස, තමිල්නාඩුවේ සෑම දිස්ත්‍රික්කයකම මත්ද්‍රව්‍ය විරෝධී ඒකක පිහිටුවීමේ නියෝගයකට අත්සන් තැබීය.

කලකට පසු යාල්දේවි හෙට සිට යළි ධාවනයට
සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සෑම දිස්ත්‍රික්කයකටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්
ඇමරිකාවේ යුද විරාම යෝජනාවට ඉරානය දැක්වූ ප්‍රතිචාරය
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් දස දෙනෙකුට තුවාල
ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්
විජේට ජනපති අනුරගෙන් සුබ පැතුම්
අබිරහසක් ඉතිරි කර ඥාතීන්ගේ සෝ සුසුම් මැද අවසන් ගමන් ගිය කපිල චන්ද්‍රසේන
හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙකුට එරෙහි නඩු 4ක තීන්දු මැයි අගදී
කෝටි 4කට වැඩි හෂීස් සමඟ අයෙක් කොටුවෙයි
අල්ලස් කොමිසමේ කැඳවීමට හිටපු ජනපති මහින්ද දැක්වූ ප්‍රතිචාරය
විජේ තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම් දෙයි
ජලාශ 14ක් වාන් දමයි! ජනතාවට දැනුම්දීමක්!