ත්‍රිකුණාමලය මහ රෝහලේදී පසුගිය අප්‍රේල් මාසයේ සිදුවූ බිළිඳු මරණයක් සම්බන්ධයෙන් පවත්වන ලද මූලික විමර්ශනයකට අනුව, එහි සේවය කළ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.පසුගිය අප්‍රේල් 09 වනදා දරු ප්‍රසූතියක් අතරතුර බිළිඳෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී පහත කරුණු අනාවරණය වී ඇත:
- රෝහල් සූතිකාගාරයේ සිට අවස්ථා හයකදී (06) දුරකථනයෙන් දැනුම් දී තිබුණද, අදාළ වෛද්‍යවරුන් දෙදෙනා සූතිකාගාරයට පැමිණ නොමැති බව.
- රාජකාරි වේලාව තුළ රෝහල් සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කිරීම ඇතුළු විෂමාචාර ක්‍රියා රැසක නිරත වීම.
මෙම සේවය අත්හිටුවීමට එරෙහිව රෝහලේ වෛද්‍යවරුන් අද (11) වැඩ වර්ජනයක් සිදුකරන බවට රාවයක් පැතිර ගියද, එවැනි ක්‍රියාමාර්ගයක් පිළිබඳ තමන් දැනුවත් කර නොමැති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සදමාලි සමරකෝන් මහත්මිය පැවසුවාය.

වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්! ගිනි නිවන රථ 10ක් කැඳවයි!
විමල් වීරවංශගේ බිරිඳගේ පාස්පෝට් නඩුව යළි කැඳවීමට දින නියම වෙයි
අවධානයෙන් සිටින්න! ඉදිරි පැය 48 තීරණාත්මකයි! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
ගොම ප්‍රහාරයට සාධාරණයක් ඉල්ලා සුගීෂ්වරගෙන් UN එකට ලිපියක්
ජල ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ගන්නා දිනය
හිටපු ආණ්ඩුකාර විලී ගමගේ අල්ලස් කොමිසම හමුවට
දින 3ක සිට අතුරුදන් ව සිටි පුද්ගලයෙකුගේ මළසිරුර කුඹුරකින් හමුවෙයි
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති වූ එකඟත්වය
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බටුවත්තේ චාමර දිවයිනට රැගෙන එයි (වීඩියෝ)
මා ඔයට බිලි වූ පාසල් සිසුවා
ඉදිරියේදීත් වැසි තත්ත්වයේ වැඩි වීමක්! ආපදා කළමනාකරණ අංශත් සූදානමින්!
විදුලි බිල 18%කින් ඉහළ නැංවීම අද සිට ක්‍රියාත්මකයි