Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විමල් වීරවංශගේ බිරිඳගේ පාස්පෝට් නඩුව යළි කැඳවීමට දින නියම වෙයි

7 minutes ago

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව මත ශෂී වීරවංශ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව ලබන 25 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියම කළේය.

නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බුද්ධික චන්ද්‍රසේකර මහතා කරුණු දක්වමින් කියා සිටියේ, මෙම නඩුවට අදාළ පරිගණක උත්පාදිත ලේඛන සාක්ෂි ලෙස යොදා ගැනීමට පෙර, එම ලේඛන උත්පාදනය වූ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට විත්තියට අවස්ථාව ලබා දිය යුතු බවයි.

සාක්ෂි ආඥා පනත යටතේ එවැනි ප්‍රවේශයක් ලබා දීම නීතිමය අයිතියක් බවත්, එය මේ දක්වා ලබා දී නැති බැවින් නඩු විභාගය ඉදිරියට ගෙනයෑමට බාධාවක් පවතින බවත් නීතිඥවරයා අවධාරණය කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට විත්තියට අවකාශ ලබා දෙන්නේද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ස්ථාවරය මීළඟ නඩු දිනයේදී දැනුම් දෙන ලෙස නියෝග කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *