හෙට (19) දින පැවැත්වීමට නියමිත ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මේ වන තෙක් කිසිදු ආරාධනයක් ලැබී නොමැති බව ඒ මහතාගේ මාධ්‍ය ලේකම් නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසීය.
අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා විසින් 5 වන විධායක ජනාධිපතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතාට මෙම සැමරුම සඳහා ආරාධනා කර ඇති බවට ප්‍රකාශ කිරීම අසත්‍ය කරුණක් බවද මනෝජ් ගමගේ මහතා සඳහන් කළේය.
ජනතාව නොමඟ යවමින් විජයග්‍රාහී සැමරුමට මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර ඇතැයි අමාත්‍යවරයා පවසා ඇතැයිද සඳහන් කළ නීතිඥ මනෝජ් ගමගේ මහතා වෙනදාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හෝ ආරක්ෂක අමාත්‍යංශයෙන් නිල වශයෙන් විජයග්‍රාහී සැමරුම සඳහා ආරාධනය ලැබෙන බවද පැවසීය.
යුද ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය“ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අබියසදී හෙට (19) පැවැත්වීමට නියමිතව තිබේ.

කොළඹට යන එන අයට විශේෂ දැනුම්දීමක්
නිරිත දිග මෝසම සක්‍රීය වන ලකුණු! අද කාලගුණ නිවේදනය!
රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි
ජාතික විජයග්‍රාහී සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන්! මෙවර සැමරුමෙහි විශේෂත්වයක්!
රාජ්‍ය ආයතනවලට විශේෂ චක්‍රලේඛයක්
සතිය ආරම්භයේදීම කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පහත වැටීමක්
දන්සල් සඳහා බෞද්ධ කොඩි භාවිතය තහනම් කරයි
හිරුණිකාට එරෙහි වරෙන්තුව ආපසු කැඳවයි
රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කළ විමල් වීරවංශ ඇතුළු පිරිසට වැඩ වරදී
මෙරට ආර්ථිකය ගැන මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
සමාජ මාධ්‍ය කැලඹූ වීඩියෝවෙන් පසු ගායන ශිල්පී චාමර රණවක අත්අඩංගුවට
දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට කළ දැනුම්දීම