දුම්රිය මාර්ගයේ සිදුවන කඩාකප්පල්කාරී ක්‍රියා දුටුවිගස දැනුම් දෙන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙනවා.
එවැනි කඩාකප්පල්කාරී ක්‍රියා 1971 මහජන පැමිණිලි අංශයට දැනුම් දිය හැකි බවයි එහි මාධ්‍ය ප්‍රකාශක, ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ සඳහන් කළේ.
දුම්රිය මාර්ගය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මෙන්ම පොලීසියද ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන බවත් පොදු දේපල ආරක්ෂා කර ගැනීම සඳහා සියලු දෙනාටම වගකීමක් පැවරී ඇති බවයි එතුමා සඳහන් කරන්නේ.
මේ අතර පසුගියදා වනවාසල ප්‍රදේශයේදී දුම්රිය පීලිපැනීමට හේතුවූ දුම්රිය මාර්ගයේ කොටස් ගැලවීම සහ මීලදී ගැනීමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොළඹ අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙරට ආර්ථිකය ගැන මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
සමාජ මාධ්‍ය කැලඹූ වීඩියෝවෙන් පසු ගායන ශිල්පී චාමර රණවක අත්අඩංගුවට
චාමර සම්පත්ට රට යන්න අවසර
ඡන්ද නාමලේඛනය ගැන දැනුම්දීමක්
ඩොලරයේ විකුණුම් මිල තවදුරටත් ඉහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විමල්ගේ නඩුවක් කල්යයි
අන්තරේ මල්වානෙන් ඉවතට! අගමැතිනිය එකඟ වෙයි!
විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය