Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රටම එකට ජාතික මෙහෙයුම් සභාව රැස්වෙයි

20 minutes ago

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය රටින් මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය.

මෙම සාකච්ඡාවේ ප්‍රධානතම අරමුණ වූයේ විවිධ වැටලීම්වලදී ආරක්ෂක අංශ භාරයට ගන්නා විෂ මත්ද්‍රව්‍ය, නෛතික ප්‍රමාදයන්ගෙන් තොරව කඩිනමින් විනාශ කර දැමීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ සිදු කිරීමයි. මේ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ යෝජිත නීති සංශෝධන සහ එහි නෛතික රාමුව මෙහිදී දීර්ඝ ලෙස ජාතික සභාවේ අවධානයට ලක් විය.

ජනාධිපති මාධ්‍ය අංශය (PMD) සඳහන් කරන්නේ අදාළ නීති සංශෝධනවල අවසාන අදියර කඩිනමින් සම්පූර්ණ කර, ඉදිරියේදී ඒවා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

අදාළ නව සංශෝධන ඉදිරියේදී නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 

නිශාන්ත ප්‍රනාන්දු රදගුරු හිමිපාණන්, සිවා ශ්‍රී වේලු සුරේෂ් ශර්මා කුරුක්කල්තුමා, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්ම මහත්මීහු සහ අදාළ අමාත්‍යාංශ ලේකම්වරු සහ ආයතන ප්‍රධානීහුද, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ නියෝජිතයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ප්‍රමාදයකින් තොරව විනාශ කිරීම තුළින් ඒවා නැවත කිසියම් ආකාරයකින් සමාජගත වීම වැළැක්වීමට මෙන්ම නීතිය ක්‍රියාත්මක කරන ආයතන කෙරෙහි මහජන විශ්වාසය තහවුරු කිරීමට හැකිවන බව මෙහිදී අවධාරණය කෙරුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *