මවගෙන් දරුවාට HIV සහ උපදංශ වෛරස් සම්ප්‍රේෂණය වීම සාර්ථකව පාලනය කරමින්, එය මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් නොවන මට්ටමට අවම කොට අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් අද (19) ශ්‍රී ලංකාවට විශේෂ ඇගයීමක් ප්රදානය කරනු ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දෙන ප්‍රමිතීන්ට සහ ගෝලීය උපදේශන කමිටු නිර්දේශයන්ට අනුකූලව මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය අත්කරගන්නා ලද මෙම සුවිශේෂී ප්‍රගතිය අගය කරමින් මෙම උපහාරය පිරිනමා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර මේ දිනවල පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේදී (World Health Assembly) මෙම නිල ඇගයීම් සහතික පත්‍රය ප්රදානය කර තිබුණා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් අද්හනම් ගෙබ්‍රෙයෙසස් විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත මෙම සම්මානය නිල වශයෙන් භාර දුන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය පද්ධතියේ සහ මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවේ සාර්ථකත්වය ලෝකය හමුවේ යළිත් වරක් තහවුරු කරන්නක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

විදෙස්ගත ශ්‍රමිකයන්ට සුබ ආරංචියක්
වෙසක් පොහොයට දන්සැල් ලියාපදිංචිය අනිවාර්ය කරයි
පාපන්දු ලෝක කුසලානයට සහභාගී වන බ්‍රසීල සංචිතය නම් කෙරේ
ඩයලොග් නව සන්ධිස්ථානයක් පසු කරයි
රණවිරු සැමරුමට මහින්දට ආරධනා නොකළ හේතුව ගැන රජයෙන් පැහැදිලි කිරීමක්
රත්නපුරට නව දිස්ත්‍රික් ලේකම්වරයෙක්
නීතිඥ යුවළ ඝාතනයට අදාළ රියදුරුව හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි
හිරුණිකා අධිකරණයේදී ප්‍රසිද්ධියේ සමාව ගනී
රණවිරුවන්ගේ දුක සැප බලන්න ගිය ජනපති අනුර (ඡායාරූප)
මාරාන්තික ඉබෝලා වෛරසයෙන් ලංකාවටත් බලපෑමක් එල්ල වෙයිද?
කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන අද අධිකරණයේදී හෙළි වූ කරුණු
ඉන්ධන QR කේතය ගැන දැනුම්දීමක්