Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අගමැතිනියගේ නම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන නිර්මාණය කරන ලද ව්‍යාජ පුවත් ගැන දැනුම්දීමක්

3 hours ago

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ නම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන නිර්මාණය කරන ලද ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එලෙස ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කර සිටින්නේ.

අග්‍රාමාත්‍යවරිය විසින් අදහස් දක්වන පරිදි සකස් කරන ලද ව්‍යාජ වීඩියෝ දර්ශන සහ අග්‍රාමාත්‍යවරියගේ ඡායාරූපය ඇතුළත් කර සකස් කරන ලද ව්‍යාජ post, කිසියම් පිරිසක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබෙන බවත්, ඒ මඟින් විවිධ ව්‍යවසායක අවස්ථා, රැකියා අවස්ථා මෙන්ම රටේ ආර්ථිකය සහ බදු ප්‍රතිපත්ති සම්බන්ධ ව්‍යාජ පුවත් ද නිර්මාණය කර ඇති බව එම නිවේදනයේ සඳහන් වනවා.

කෘත්‍රීම බුද්ධිය (AI) සහ නවීන තාක්ෂණික මෙවලම් භාවිත කරමින් මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කර ඇති අතර, එවැනි පුවත්වලට නොරැවටෙන ලෙසත්, ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත් සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් පවසා සිටින්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *