Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නිරිතට අද වැස්ස වැඩියි

15 hours ago

නිරිත දිග මෝසම් තත්ත්වය ශ්‍රී ලංකාව හරහා සම්පූර්ණයෙන්ම ස්ථාපිත වී ඇති බැවින්, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරියටත් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කාලගුණ අනාවැකියට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 (75 mm) ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව දන්වා ඇත.

මීට අමතරව, ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී.

මෝසම් සුළං සක්‍රිය වීම හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා (30-40 kmph) තරමක තද සුළං ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු බහුලව සිදුවිය හැකි බැවින්, මහජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවත්, ඉන් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කාරුණිකව ඉල්ලා සිටී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *