අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ නම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන නිර්මාණය කරන ලද ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එලෙස ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කර සිටින්නේ.
අග්‍රාමාත්‍යවරිය විසින් අදහස් දක්වන පරිදි සකස් කරන ලද ව්‍යාජ වීඩියෝ දර්ශන සහ අග්‍රාමාත්‍යවරියගේ ඡායාරූපය ඇතුළත් කර සකස් කරන ලද ව්‍යාජ post, කිසියම් පිරිසක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබෙන බවත්, ඒ මඟින් විවිධ ව්‍යවසායක අවස්ථා, රැකියා අවස්ථා මෙන්ම රටේ ආර්ථිකය සහ බදු ප්‍රතිපත්ති සම්බන්ධ ව්‍යාජ පුවත් ද නිර්මාණය කර ඇති බව එම නිවේදනයේ සඳහන් වනවා.
කෘත්‍රීම බුද්ධිය (AI) සහ නවීන තාක්ෂණික මෙවලම් භාවිත කරමින් මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කර ඇති අතර, එවැනි පුවත්වලට නොරැවටෙන ලෙසත්, ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත් සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් පවසා සිටින්නේ.

ජනපතිගෙන් දැඩි තීරණයක්
සුරාසැල් වැසෙන දින මෙන්න
වාහන මිලෙහි වෙනසක් සිදුවන ලකුණු
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක්
මෙරටින් හමු වූ මෙනින්ජයිටීස් රෝගීන් සංඛ්‍යාව 200 ඉක්මවා යයි
වෙසක් උත්සවය වෙනුවෙන් වැසෙන ස්ථාන හා දින පිළිබඳව දැනුම්දීමක්
බැංගලෝරයට IPL අවසන් තරගයේ දොරටු විවර වෙයි
ඩොලරය යළිත් ඉහළට! 330 සීමාව ඉක්මවා යයි!
වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට! චීන්නුන්ගෙන් ලක්ෂ 3 බැගින් අල්ලස් ඉල්ලලා!
රාජ්‍ය වෙසක් උත්සවය අද ඇරඹෙයි
ශ්‍රී ලංකාව පිළිබඳ තීරණාත්මක IMF සමාලෝචනය අද
නිරිතට අද වැස්ස වැඩියි