Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අත්අඩංගුවට

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට! චීන්නුන්ගෙන් ලක්ෂ 3 බැගින් අල්ලස් ඉල්ලලා!

9 hours ago

රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලද චීන ජාතිකයින් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නීති විරෝධී ලෙස තම භාරයේ තබා ගත් වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා (OIC) වැලිකඩ ප්‍රදේශයෙන් බැහැරව සැඟව සිටියදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී වේයන්ගොඩ ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විමර්ශනවලට අනුව, මීට පෙර රාජගිරිය ප්‍රදේශයේදී පොලිස් භාරයට ගත් චීන ජාතිකයින් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නීත්‍යානුකූලව අධිකරණයට ඉදිරිපත් නොකර ස්ථානාධිපතිවරයා සන්තකයේ තබාගෙන තිබේ. පසුව එම ගමන් බලපත්‍ර නැවත ලබාදීමට නම් එක් චීන ජාතිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 3 බැගින් මුදලක් ලබාදිය යුතු බවට ඔහු කොන්දේසි පනවා ඇත.

මෙම අල්ලස් මුදල සෘජුව ලබා නොගෙන, අතරමැදි කාන්තාවක මාර්ගයෙන් උපක්‍රමශීලීව ඉල්ලා සිටීමට ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *