Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක්

3 hours ago

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් වාහන අවභාවිතා කළ බව කියන සිද්ධියට අදාළව ඇප මත මුදා හැර සිටින ජාතික නිදහස් පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව අද කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තුවක් නිකුත් කරමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කර තිබේ.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් ජයන්ත සමරවීර මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බව දන්වා සිටිමින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ඔක්තෝබර් මස 14 යළි කැඳවන ලෙස කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (27) නියෝග කළ බව සඳහන් වෙයි.

මේ අතර, මෙම සිද්ධියේ ඇප මත මුදා හැර ඇති ජාතික නිදහස් පෙරමුනේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් මහතා ඇතුලු පස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *