Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දියේ ගිලුණු සිසුවිය බේරාගන්න ගිය විදුහල්පතිවරයා දියේ ගිලී මියයයි

12 hours ago

කිරින්ද වෙරළ තීරයේ දිය නාමින් සිටියදී මුහුදු රළට හසුව ගසාගෙන ගිය 14 හැවිරිදි පාසල් සිසුවියකගේ ජීවිතය බේරා ගැනීමට තැත් කළ 56 හැවිරිදි විදුහල්පතිවරයෙකු දියේ ගිලී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ මොනරාගල, බඩල්කුඹුර වයිකුඹුර දෙමළ විද්‍යාලයේ ගුරුවරුන් සහ සිසුන් පිරිසක් ඉකුත් 25 වැනිදා සවස තිස්සමහාරාම කිරින්ද වෙරළ තීරය නැරඹීමට පැමිණ ඇති බවයි.

එහිදී දරුවන් වෙරළේ දිය නාමින් සිටියදී එක් සිසුවියක් හදිසියේම ප්‍රබල මුහුදු රළකට හසුවී දියේ ගිලෙන්නට පටන් ගෙන ඇත.

එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ විදුහල්පතිවරයා තම ජීවිත අවදානම ද නොතකා සිසුවිය බේරා ගැනීම සඳහා මුහුදට පැන තිබේ. කෙසේ වෙතත්, දැඩි දියවැැලට හසුවීමෙන් සිසුවිය සහ විදුහල්පතිවරයා යන දෙදෙනාම දියේ ගිලී ඇත.

අනතුර දුටු වහාම ක්‍රියාත්මක වූ කිරින්ද පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි වෙහෙසක් දරා දියේ ගිලුණු දැරිය සහ විදුහල්පතිවරයාව මුහුදෙන් ගොඩට ගෙන තිබේ. අනතුරුව ඔවුන් දෙදෙනාම කඩිනමින් ප්‍රතිකාර සඳහා දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, ඒ වනවිටත් විදුහල්පතිවරයා අවාසනාවන්ත ලෙස මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පිළිමල, අලුපොත, බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි විදුහල්පතිවරයායි. අනතුරෙන් දිවි බේරුණු 14 හැවිරිදි සිසුවිය මේ වනවිට දෙබරවැව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *