Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ට විශේෂ ලිපියක්

13 hours ago

පැන නැගී ඇති ශාසනික අර්බුද හමුවේ බුදු දහමේ චිරස්ථිතිය සහ යහපැවැත්ම උදෙසා වහාම “ශාසන ශෝධන” වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.

ලිපිය මගින් ඇය ඉල්ලා සිටින්නේ වර්තමානයේ බුදු සසුන ඉතිහාසයේ කවරදාකටත් වඩා බරපතල අභියෝග රැසකට මුහුණ දී ඇති බැවින්, ධර්ම සංගායනාවක් පවත්වා සසුනේ චිරස්ථිතිය තහවුරු කිරීමට මහානායක හිමිවරුන් වහාම පෙරමුණ ගැනීම සුදුසු බවයි.

නිදහසින් පසු 1956 බණ්ඩාරනායක පාලන සමයේ මෙන්ම, තම පාලන කාලය තුළ ද අපවත් වී වදාළ මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමියන්ගේ මැදිහත්වීමෙන් ධර්ම සංගායනාවක් පැවැත්වීමට උත්සාහ කළ ද, සසුනේ අර්බුද හරහා වරප්‍රසාද භුක්ති විඳින පාර්ශවයන් සහ ඇතැම් භික්ෂූන්ගේ විරෝධය නිසා එම උත්සාහයන් ව්‍යර්ථ වූ බවද ඇය සඳහන් කරනවා.

කලින් කලට සමාජගත වන හුදකලා සිදුවීම් වැළැක්වීමට උත්සාහ කිරීමෙන් සැබෑ අර්බුදය යටපත් වන බැවින්, ගැටලුවලට කෙටිකාලීන හා දීර්ඝකාලීන ස්ථිර විසඳුම් සෙවීම සඳහා පුළුල් අභ්‍යන්තර සංවාදයක් වහාම ආරම්භ කළ යුතු බවයි ඇය පවසන්නේ.

මෙම කාර්යභාරය සහ සංවිධාන කටයුතු වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමට දිවයිනේ ජ්‍යෙෂ්ඨ ගිහි බෞද්ධ නායකයන් කණ්ඩායමක් සමග එක්ව උපරිම දායකත්වය ලබාදීමට තමන් සූදානම් බව ද හිටපු ජනාධිපතිනිය සිය ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කරනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *