ඊයේ (මැයි 27) පැවති අතිශය උණුසුම් ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 47කින් පරාජය කරමින් සුපිරි ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය. මෙම දැවැන්ත පරාජයත් සමඟ හයිද්‍රාබාද් කණ්ඩායමට මෙවර තරගාවලියෙන් ඉවතට යාමට සිදුවිය.
තරගයේ කාසියේ වාසිය දිනූ හයිද්‍රාබාද් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ ද, රාජස්ථාන් ආරම්භක පිතිකරුවෝ එම තීරණය නිශ්ප්‍රභ කළහ. ඔවුන් පළමු පන්දුවාර 6 තුළ කිසිවකු නොදැවී ලකුණු 80ක් රැස් කළ අතර, පන්දු 44කදී ලකුණු 100 සීමාව පසු කළහ.
මෙහිදී රාජස්ථාන් පිලේ සූර්යවංශි ප්‍රේක්ෂකාගාරය දෙවනත් කරමින් හයේ පහර 8ක් සමඟින් වේගවත් ලකුණු රැස් කිරීමක නිරත විය. ඉන් අනතුරුව තවත් හයේ පහර 4ක් එල්ල කළ ඔහු, ඊළඟ පන්දු 12 තුළ පමණක් ලකුණු 47ක් ඩැහැගත්තේය. ක්‍රිස් ගේල් සතු පන්දු 30ක වේගවත්ම IPL ශතක වාර්තාව බිඳ දැමීමට තවත් එක් පහරක් පමණක් අවශ්‍යව තිබියදී, 8 වැනි පන්දුවාරයේදී උඩ පන්දුවක් ලබා දෙමින් සූර්යවංශි අවාසනාවන්ත ලෙස දැවී ගියේය. පසුව පැමිණි ධ්‍රැව් ජුරෙල් ද පන්දු 21කදී ලකුණු 50ක් රැස් කරමින් රාජස්ථාන් ඉනිම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 243ක් දක්වා ඉහළ නැංවීය.
ලකුණු 244ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන්ට රාජස්ථාන් පන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට ඉඩක් නොලැබුණි. ඔවුන් පන්දුවාර 19.2කදී ලකුණු 196කට සියලු දෙනා දැවී ගියහ. පන්දු යැවීමේදී රාජස්ථාන් පිල වෙනුවෙන් ජොෆ්රා ආචර් පන්දුවාර 4කදී ලකුණු 58කට කඩුලු 3ක් ද, නන්ඩ්රේ බර්ගර් ලකුණු 26කට කඩුලු 2ක් ද බිඳ හෙලූහ.
මෙම ජයග්‍රහණයත් සමඟ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම එළඹෙන සිකුරාදා පැවැත්වීමට නියමිත දෙවැනි සුදුසුකම් ලැබීමේ (Qualifier 2) තරගයේදී ගුජරාට් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතය. එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම, එළඹෙන ඉරිදා අහමදාබාද්හිදී පැවැත්වෙන මහා අවසන් තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමඟ ශූරතාව වෙනුවෙන් සටන් වදිනු ඇත.

චීන්නුන්ගෙන් අල්ලස් ගන්න ගිය වැලිකඩ OIC රිමාන්ඩ්
අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි ප්‍රහාරයක්
රංග දිසානායකට එරෙහිව පැමිණිල්ලක්
ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින්වූ මීහරකාව බංග්ලාදේශ රජය මැදිහත් වී බිලිදීමට පෙර බේරාගනියි
දන්සල් දෙන අයට දැනුම්දීමක්
දින 6 බිළිඳා රෝහලේ දමා මව පිටව ගිහින්
ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා පිටියෙන් ලක් මව රනින් සැරසෙයි
සෝභිත හිමි ජනපතිගෙන් කල ඉල්ලීම
රෝහල් ගතකළ බන්ධනාගාර රැඳවියා නිලධාරීන්ගේ ග්රහණයෙන් පැනයයි
පිළිකා ගැන ඇහෙන ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව
වැඩිහිටි දීමනා ලාභීන්ට දැනුම්දීමක්