Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විදුලි බිල අඩු කරන පෙරනිමිති! ශ්‍රී ලංකාවට ප්‍රථම වරට බැටරි බලශක්ති ගබඩා පද්ධති!

2 hours ago

රජය විසින් ආනයනය කරන ලද මෙගාවොට් 160ක ධාරිතාවයකින් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධති (Battery Energy Storage System – BESS) 16කින් පළමු පද්ධති 6 අද (30) අලුයම කොළඹ වරායට ගෙනැවිත් තිබේ. 2025 වසරේ ජූලි මාසයේදී කැඳවූ ජාත්‍යන්තර තරඟකාරී ටෙන්ඩරයකට අනුව මෙම පද්ධති දිවයිනට ගෙන ඒම සිදු කර ඇත.

වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම නව බලශක්ති ගබඩා පද්ධති 6 මහව, වවුනියාව, චුන්කානම්, කිලිනොච්චි, අනුරාධපුර සහ පොළොන්නරුව යන ප්‍රදේශවල පිහිටි විදුලිබල සම්ප්‍රේෂණ උපපොළවල් ආසන්නයේ ස්ථාපිත කිරීමට නියමිතය. එක් පද්ධතියක් මඟින් දිවා කාලයේදී මෙගාවොට් 40ක විදුලිබල ශක්තියක් ගබඩා කරගත හැකි අතර, රාත්‍රී උපරිම ඉල්ලුම පවතින වේලාවන්හිදී ඉන් මෙගාවොට් 10 බැගින් ජාතික පද්ධතියට මුදා හැරේ. ඒ අනුව, මෙම පද්ධති 6 මඟින් ජාතික පද්ධතියට එක් කෙරෙන මුළු ධාරිතාව මෙගාවොට් 60කි.

ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතිය ස්ථාවර කිරීම සඳහා මෙලෙස බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) යොදා ගන්නා ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මෙම පද්ධතිවල පාලනය සහ කළමනාකරණ කටයුතු බලශක්ති අමාත්‍යාංශයට අයත් ජාතික පද්ධති මෙහෙයුම් සමාගම (NSO – National System Operator Ltd) විසින් සිදු කරනු ලබන අතර, නඩත්තු කටයුතු අදාළ සමාගම් වෙත පවරා තිබේ.

මෙය මෙරට විදුලි පාරිභෝගිකයින්ට ද දැවැන්ත ආර්ථික සහනයක් ගෙන දෙනු ඇත. වර්තමානයේ ඉන්ධන මඟින් විදුලි ඒකකයක් (Unit 1) උත්පාදනය කිරීම සඳහා රුපියල් 115ක් වැය වුවද, මෙම BESS පද්ධති මඟින් ඒ සඳහා වැය වන්නේ රුපියල් 30ක් පමණක් බව අදාළ නිවේදනයේ සඳහන් වේ. මේ හරහා ඉන්ධන මඟින් විදුලිය උත්පාදනයට මාසිකව වැය කරන ඩොලර් මිලියන 2.6ක දැවැන්ත විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකිවන අතර, එහි ප්‍රතිලාභය ඉදිරියේදී පාරිභෝගිකයාට ලබාදීමට සැලසුම් කර ඇත.

තවද, මෙම BESS පද්ධති මඟින් කිසිදු කාබන් විමෝචනයක් හෝ වායු දූෂණයක් සිදු නොවන බැවින්, එය සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී විකල්පයකි. මේ වන විටත් චීනය සිය බලශක්ති උත්පාදනයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් සඳහා මෙම BESS පද්ධති යොදාගන්නා අතර, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ඔස්ට්‍රේලියාව වැනි සංවර්ධිත රටවල් ද මෙම නවීන තාක්ෂණය සාර්ථකව භාවිත කරනු ලබයි

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *