පූජ්‍ය කත්තෝරුවේ සිරිධම්ම හිමියන්ගේ ධර්ම දේශනාවන් කෙරෙහි වර්තමාන දස දහස් සංඛ්‍යාත තරුණ පරම්පරාව තුළ විශාල ආකර්ෂණයක් සහ ලැදියාවක් හටගෙන ඇති බවත්, උන්වහන්සේ පවසන කරුණු පිළිබඳව අලුත් පරපුර අවධානයෙන් යුතුව අධ්‍යයනය කරමින් සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපති සඳහන් කළේ, පන්සල හෝ ආගමික කටයුතු යනු වයස්ගත වූ පිරිසට පමණක් සීමා වූවක්ය යන සාම්ප්‍රදායික මතය වෙනස් කරමින්, අලුත් තරුණ පරපුර ප්‍රබෝධමත්ව පන්සල සහ ධර්මය වටා රොක් කරවීමට සිරිධම්ම හිමියන් ඉටුකරන නියමු කාර්යභාරයට සමස්ත රාජ්‍යයේම ප්‍රණාමය හිමිවිය යුතු බවයි.
එමෙන්ම ලංකා ඉතිහාසයේ පළමු වරට මත්ද්‍රව්‍ය සහ අපරාධ සන්තතිය පිටුපස තිබුණු දේශපාලන බලපෑම් සහ අනුග්‍රහයන් සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙන බවත් එම කිසිදු විනාශකාරී ක්‍රියාවකට වත්මන් රජයෙන් දේශපාලන රැකවරණ හෝ ආරක්ෂාව නොලැබෙන බව පවසන සහතිකය තමන්ට රටට ලබාදිය හැකි බවත් ජනාධිපතිවරයා පවසනවා.
පොලිස්පතිතුමා ඇතුළු ආරක්ෂක නිලධාරීන් මෙම විනාශකාරී දොරටුව වසා දැමීමට උපරිම වෙහෙසක් දරන බව පැවසූ ජනාධිපතිවරයා, නමුත් රජයකට පනත් සහ නීතිවලින් පමණක් මෙය තනිවම කළ නොහැකි බව එහිදී කියා සිටියා.
එබැවින් නීතියට පමණක් කළ නොහැකි එම අධ්‍යාත්මික පරිවර්තනය සිදුකිරීමට කත්නෝරුවේ සිරිධම්ම හිමි වැනි තරුණ ස්වාමීන් වහන්සේලාගේ දායකත්වය අවශ්‍ය වන බව ජනාධිපතිවරයා පවසනවා.
එමෙන්ම සිංහල බෞද්ධ පවුලක උපදින දරුවාට පන්සලත්, කිතුණු දරුවාට පල්ලියත්, දෙමළ දරුවාට කෝවිලත් තමන්ගේ අධ්‍යාත්මය ගොඩනඟන කේන්ද්‍රස්ථානය වන බව පැවසූ ඔහු, අවශ්‍ය කරන්නේ අන්‍යයන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් සහ වටිනාකම් බැහැර නොකර, ඒ සැමට එක සේ ගරු කරන සහ පිළිගන්නා සහෝදරත්වයෙන් පිරි සමාජයක් බව කියා සිටියා.

සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළට
ඉදිරි වසර පහ තුළ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට! එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්!
තරුෂ මෙන්ඩිස්ට රිදී පදක්කමක්
විදුලි බිල අඩු කරන පෙරනිමිති! ශ්‍රී ලංකාවට ප්‍රථම වරට බැටරි බලශක්ති ගබඩා පද්ධති!
අටමස්ථානාධිපති තනතුරේ වෙනසක්! පල්ලේගම හේමරතනගේ තනතුරු අත්හිටුවයි!
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ
පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණයක්! ජනපතිගෙන් IMF වෙත සහතිකයක්!
මෙවර වෙනස්ම ආකාරයේ දන්සැල් රැසක්! පවත්වන ස්ථාන හා වේලාවන් මෙන්න!
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදයි
මෙනින්ජයිටීස් රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සියලුම පාසල් වෙත මාර්ගෝපදේශ නිකුත් කෙරේ
සර්වජන බලයෙන් ජනපතිට ප්‍රශ්න 3ක්