Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉදිරි වසර පහ තුළ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට! එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්!

1 hour ago

ඉදිරි වසර පහක කාලය තුළ ලොව සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළම මට්ටමකට ළඟා වනු ඇති බවට එක්සත් ජාතීන්ගේ කාලගුණ විද්‍යා ඒජන්සිය සහ එක්සත් රාජධානියේ කාලගුණ විද්‍යා කාර්යාලය විසින් නිකුත් කළ නවතම වාර්තාවකින් අනතුරු අඟවා තිබේ.

මෙම නවතම වාර්ෂික වාර්තාවට අනුව පුරෝකථනය කර ඇත්තේ, ඉදිරි කාලයේදී වාර්ෂික ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය 1850 – 1900 පූර්ව කාර්මික විප්ලව යුගයට පෙර පැවති මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.3 ත් 1.9 ත් (1.3°C – 1.9°C) අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි.

මෙම ගෝලීය උණුසුම ඉහළ යාමත් සමඟ ලොව පුරා විවිධ කලාපවලට බලපාන කාලගුණික විපර්යාස ද සිදුවනු ඇත. ඒ අනුව, ඉදිරි ශීත ඍතු පහ තුළ උතුරු අර්ධගෝලයේ බොහෝ ප්‍රදේශවලට වඩාත් වැසි සහිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කෙරේ. විශේෂයෙන් මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ උතුරු යුරෝපය, ඇලස්කාව සහ සයිබීරියාව වැනි කලාපවලට අධික වැසි සහිත කාලපරිච්ඡේදයන් ඇති විය හැකි බවට පර්යේෂකයෝ පෙන්වා දෙති. මීට සමගාමීව, ඇමසන් කලාපය තුළ දැඩි වියළි කාලගුණික තත්ත්වයක් වර්ධනය වනු ඇතැයි ද පුරෝකථනය කර ඇත.

මේ අතර, මෙම වසරේ ශීත ඍතුවේදී ප්‍රබල ‘එල් නිනෝ’ (El Niño) තත්ත්වයක් වර්ධනය වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. එය 2027 වසර දක්වාම පැවතිය හැකි බවට කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවයි. පැසිෆික් සාගරය මෙලෙස අසාමාන්‍ය ලෙස උණුසුම් වීම, ගෝලීය උෂ්ණත්වය මෙතෙක් නුදුටු වාර්තාගත මට්ටමකට ඉහළ යාම සඳහා ප්‍රධාන වශයෙන් බලපානු ඇති බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *