Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගුරුවරියකට මුහුණදීමට සිදු වූ අවාසනාවන්ත ඉරණම

4 hours ago

යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ පූනෑව, කුඹුගොල්ලෑව ප්‍රදේශයේදී අද (18) උදෑසන සිදුවූ අවාසනාවන්ත රිය අනතුරකින් පාසල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මහනුවර සිට වවුනියාව දක්වා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම බිහිසුණු අනතුර සිදුව ඇති බව මැදවච්චිය පූනෑව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කරන ආකාරයට, අදාළ යතුරුපැදියේ ගමන් කරමින් සිටි මෙම ගුරුවරිය අනතුර සිදුවීමත් සමගම බස් රථයේ පසුපස රෝදයකට යටවීමෙන් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත. ඇය පූනෑව ගල්කන්දේගම විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කළ 56 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකි.

මියගිය ගුරුවරියගේ මෘත දේහය මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. මෙම අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පූනෑව පොලීසිය විසින් මේ වන විටත් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනු ලබයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *