Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රුහුණේ සරසවි සිසුවියක් ඩෙංගු මාරයාට බිලි වෙයි

14 minutes ago

රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවියක් ඩෙංගු උණ වැලඳීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස අකාලයේ මියගොස් ඇත්තේ, මාතර, දෙනියාය ප්‍රදේශයේ පදිංචිව සිටි, රුහුණු විශ්වවිද්‍යාලයේ 46 වන ශිෂ්‍ය කණ්ඩායමට (46th Batch) අයත් සඳලි තාරකා නැමැති සිසුවියකි.

ඇය මියයෑමට පෙර සිය සමීපතම මිතුරියක් වෙත වට්ස්ඇප් ඔස්සේ පණිවුඩයක් යොමු කරමින්, “නොමැරි සිටියොත් එන්නම්” යනුවෙන් සටහන් කර තිබේ. එය ඇය සිය මිතුරියට යැවූ අවසන් පණිවිඩය බවට පත්ව ඇති අතර, ඇගේ හදිසි වියෝව සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාවම දැඩි ශෝකයකට සහ කම්පනයකට පත්කර ඇත.

සඳලිගේ වියෝව පිළිබඳව ඇයගේ සහෝදර සිසු සිසුවියන් සහ හිතමිත්‍රාදීන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අතිශය සංවේදී සටහන් තබමින් සිය ශෝකය ප්‍රකාශ කර තිබේ. එහිදී ඔවුන් ප්‍රාර්ථනා කර සිටින්නේ මෙවන් අකල් මරණයක් මතු කිසිදු ආත්මයක ඇයට අත්නොවේවා යන්නයි.

මේ අතර, තවත් ශිෂ්‍ය ජීවිතයක් ඩෙංගු මාරයාට බිලිවන තුරු බලා නොසිට, විශ්වවිද්‍යාල පරිශ්‍රයන් තුළ මෙන්ම නේවාසිකාගාර අවට ද ඩෙංගු මර්දන වැඩපිළිවෙළවල් හා දුමායන කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවට සරසවි සිසුහු බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටිති.

මේ වන විට මාතර මහ නගර සභා බලප්‍රදේශය ද ඩෙංගු අධි අවදානම් තත්ත්වයක පවතින බැවින්, තම දූදරුවන් සහ ආදරණීයයන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට වගබලා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *