Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

“අපි සමගි වෙමු” – නාමල් ‍රාජපක්ෂගෙන් සජිත්ට ලියුමක්

10 hours ago

විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමට රජය දරන උත්සාහය හරහා සිදුවන නීතියේ ආධිපත්‍යය බිඳවැටීමට එරෙහිව සියලු දේශපාලන පක්ෂවල නායකයන් කැඳවා සාකච්ඡා කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත විශේෂ ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් සිදු කර තිබේ.

එම ලිපියෙහි සඳහන් කර ඇත්තේ, මෙම ක්‍රියාවෙන් නීතියේ ආධිපත්‍යයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි බලපෑමක් ඇති කළ හැකි බව ය.

දැනටමත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආසියානු නීතිඥ සංගමය හා පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය සිය අප්‍රසාදය සහ විරෝධය පළ කර ඇති තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍ය මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පක්ෂ එකමුතුව මෙයට දැඩි ලෙස විරෝධය පළ කිරීම කළ යුතු යැයි එම ලිපියෙහි සඳහන් කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *