මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 40කට පමණ ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සහ ඔවුන්ට ප්‍රමාණවත් ප්‍රතිකාර නොලැබෙන බවට සමාජය තුළ පැතිර යන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාක්ච්ඡාවට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
එහිදී ඔහු කියා සිටියේ, බන්ධනාගාරය තුළ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව පැතිර යන කටකතා ප්‍රතික්ෂේප කරන බවයි.
“ඒ ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක්. ඩෙංගු හැදිලා 30ක් විතර මරණයට පත්වෙලා ඉන්නවා කියලා කියනවා නම්, ඒවට අදාළ මෘතදේහ තියෙන්න ඕනේනේ. ඒ නිසා ඒක සම්පූර්ණ අසත්‍ය කතාවක්.”
බන්ධනාගාරය තුළ සිටින ඕනෑම රෝගී රැඳවියෙකු වෙනුවෙන් අවශ්‍ය කරන වෛද්‍ය ප්‍රතිකාර උපරිමයෙන් ලබාදීමට පියවර ගෙන ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය බන්ධනාගාරය තුළ රඳවා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
යම් හෙයකින් කිසියම් රැඳවියෙකුට උණ රෝගී තත්ත්වයක් පැවතියේ නම්, ඔවුන් සියලු දෙනාටම අවශ්‍ය කරන වෛද්‍ය ප්‍රතිකාර මේ වන විටත් නිසි පරිදි ලබා දී අවසන් බව ද ඔහු කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,
“එක සම්පූර්ණයෙන්ම අසත්‍යයි. ඩෙංගු හැදිලා 30ක් මරණයට පත්වෙලා ඉන්නවා නම් ඒවා වල මෘතදේහ තියෙන්න ඕනේනේ. ඒක සම්පූර්ණ අසත්‍ය එකක්. ඕනෑම රෝගියෙකුට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබාදෙනවා. ඒකට අවශ්‍ය කරන වෙද්‍යවරු සහ කාර්‍ය මණ්ඩලය ඉන්නවා. කාටහරි උණ රෝගී තත්වය තිබ්බා නම් ඒකට අවශ්‍ය අරන ප්‍රතිකාර ලබාදීලා තියෙනවා.”

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට