Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මීගමුව බන්ධනාගාර සිද්ධියේදී වෙඩි තැබීමට සිදුවූ ඇත්ත හේතුව මෙන්න

3 hours ago

මීගමුව බන්ධනාගාරයේ ඊයේ (06) ඇතිවූ සිදුවීම සමග ආරක්ෂක අංශ විසින් සිදුකළ වෙඩි තැබීම ගැන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අද (07) කරුණු පැහැදිළි කළේය.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදීන් යොමු කළ ගැටලුවකට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී කොමසාරින් ජනරාල්වරයා පැවසුවේ බන්ධනාගාර රැඳවියන් බන්ධනාගාරය තුළ පළමුව තිබූ යකඩ දොර කඩා බිඳ දමමින් ලෑලි දොර අසලට පිවිස තිබූ බවත් ලෑලි දොර කඩා එළියට පැමිණියහොත් ඇතිවිය හැකි තත්ත්වය පාලනය කළ නොහැකි බවය.

එමෙන්ම යකඩ දොර කඩා ඔවුන් පැමිණි පසු ඒ අසල සිටි බන්ධනාගාර නිලධාරීන්ට පහරදීම සිදුකර ඇති බවත් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සහතික කිරීම සහ රැඳවියන් එළියට පැමිණ පළා යාම වැළැක්වීම සඳහා ගත හැකිව තිබූ එකම පියවර ලෙස ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීම සිදුකළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී පැවසීය.

එහිදී අදහස් දැක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර මහතා,

“බන්ධනාගාර පරිශ්‍රය අනුව බන්ධනාගාරවල ප්‍රධාන දොරටු දෙකක් තියෙනවා ඉස්සෙල්ලාම තියෙන්නේ යකඩ දොර, ඊට පස්සේ තමයි තියෙන්නේ ලෑලි දොර මේ රැඳවියන් යකඩ දොරත් කඩාගෙන ඇවිල්ලා තිබෙන්නේ ලෑලි දොර දෙසට. මේ ලෑලි දොරයි යකඩ දොරයි අතර තිබෙන්නේ වටිනා උපකරණ. මේ රැඳවියන් යකඩ දොර කඩාගෙන මේ ලෑලි දොරත් කඩාගෙන එළියට ආවානම් වෙන විනාශය මට තක්සේරුවක් දෙන්න බෑ. ඒ නිසා මේ වෙලාවේ බන්ධනාගාර නිලධාරීන් මේ විදිහට කටයුතු කළේ නැත්නම් තමන්ගේ ජීවිතය පරදුවට තියලා මේක තක්සේරු කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. බන්ධනාගාර නිලධාරීන් ඒ විදිහට කටයුතු කළේ නැත්නම් ලොකු විනාශයක් වෙන්න පුළුවන්. 

සිදුවීම් ඔක්කොම වෙලා ඉවර වෙලා තිබුණ සිදුවීමක් මේක යකඩ දොරත් කඩාගෙන ලෑලි දොර ගාවට ඇවිල්ලා ඉවරයි. ඒ වෙනකොටත් අපේ බන්ධනාගාර නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඇතුළේ රැඳවියන් අතර හිරවෙලා, ඔවුන්ට පහර දෙනවා. ඔවුන් ඒ පරිශ්‍රයට ප්‍රවේශ වුණේ අර රැඳවියන් අතර තියෙන ඝට්ටනය වළක්වලා ඔවුන් බේර ගන්න. ඒ නිලධාරිනුත් ඇතුළේ කොටුවෙලා. රැඳවියෝ ඒ වෙලාවේ තමයි යකඩ දොර කඩාගෙන එළියට ඇවිල්ලා තියෙන්නේ. මේ තත්ත්වය පාලනය කරන්න තමයි නිලධාරීන් ඒ ලෑලි දොරින් වෙඩි තැබීම කළේ.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *