සංවිධානාත්මක අපරාධකරුවන්ට සහය වෙමින් ව්‍යාජ ලෙස ලේඛන සකස් කර ඉඩම් බැහැර කිරීමේ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා මත ඉඩම් රෙජිස්‌ට්‍රාර්වරියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුවේ මූල්‍ය අපරාධ විර්මශන ඒකකය මඟින් සිදුකරන ලද දීර්ඝ විර්මශනයකට අදාළව ඊයේ (07) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකාරිය කොළඹ ප්‍රදේශයේ ඉඩම් රෙජිස්‌ට්‍රාර් කාර්යාලයක සේවය කරමින් එහි පවතින පත්තිරු සහ වෙළුම් ඔප්පුවල දෙවන පිටපත් බාහිර පාර්ශවයන් වෙත ලබාදීමට කටයුතු කර තිබේ.
එමෙන්ම සංවිධානාත්මක අපරාධ සඳහා සෘජුවම ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීම, නීත්‍යානුකූල අයිතිකරුවන් නොදැනුවත්ව ව්‍යාජ ලේඛන සකස් කොට, අදාළ ඉඩම් වෙනත් පාර්ශවයන් වෙත බැහැර කිරීමට කටයුතු කිරීම ඇයට එල්ල වල අනෙකුත් චෝදනා වේ.
අත්අඩංගුවට පත් සැකකාරිය පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවකි.
ඇය කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන ඉඩම් රෙජිස්‌ට්‍රාර් කාර්යාලයක ඉඩම් රෙජිස්‌ට්‍රාර්වරියක වශයෙන් කටයුතු කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුවේ මූල්‍ය අපරාධ විර්මශන ඒකකය විසින් වැඩිදුර විර්මශන කටයුතු සිදුකරනු ලබයි.

මහනුවර ඇසළ පෙරහැර පැවැත්වෙන දින නිවේදනය කරයි
මෙරට දරුවන්ට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය සීමා කිරීමේ සූදානමක්! අගමැතිනියගෙන් විශේෂ හෙළිදරව්වක්!
ප්‍රදේශ 3කට හෙට දැඩි උණුසුමක්
ඉරානයට අද රාත්රියේදී දැවැන්ත ප්‍රහාරයක්?
ඵලදායීතාවෙන් තොර සියලු ආයතන බැහැර කිරීමට ජනපතිගෙන් උපදෙස්
හිටපු පොල් ඇමතිට විදෙස් ගමන් තනමක්
රනිල්ගේ නඩුව කල්යයි
තවත් බන්ධනාගාර නිලධාරියෙකුට දිවි අහිමි වෙයි
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අත්අඩංගුවට
මීගමුවෙන් අඟුණුකොළපැලැස්සට යැවූ රැඳවියෙකුත් මරුට
සුගීෂ්වර බණ්ඩාරට අදත් ඇප නෑ
ඩෙංගු මරණ සංඛ්‍යාව තවත් ඉහළට