මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශයන්හි හෙට (09) දිනයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගෝලීය ගණිතමය කාලගුණ අනාවැකි ආකෘති දත්ත විශ්ලේෂණ මඟින් ලබාගත් වායුගෝලීය ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්ව අගයන් යොදා ගනිමින් මේ බව ගණනය කර තිබෙනවා.
මේ හේතුවෙන් වැඩ බිම් තුළ සිටින ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පානය කළයුතු අතර සෙවණ ඇති ස්ථානවල විවේක ගතයුතු වනවා.
මෙහිදී නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.
කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයා යුතු අතර එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතුය.
මේ අතර සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කිරීම සුදුසු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මහනුවර ඇසළ පෙරහැර පැවැත්වෙන දින නිවේදනය කරයි
මෙරට දරුවන්ට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය සීමා කිරීමේ සූදානමක්! අගමැතිනියගෙන් විශේෂ හෙළිදරව්වක්!
ඉරානයට අද රාත්රියේදී දැවැන්ත ප්‍රහාරයක්?
ඵලදායීතාවෙන් තොර සියලු ආයතන බැහැර කිරීමට ජනපතිගෙන් උපදෙස්
හිටපු පොල් ඇමතිට විදෙස් ගමන් තනමක්
රනිල්ගේ නඩුව කල්යයි
ඉඩම් රෙජිස්ට්‍රාර්වරියක් CID අත්අඩංගුවට
තවත් බන්ධනාගාර නිලධාරියෙකුට දිවි අහිමි වෙයි
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අත්අඩංගුවට
මීගමුවෙන් අඟුණුකොළපැලැස්සට යැවූ රැඳවියෙකුත් මරුට
සුගීෂ්වර බණ්ඩාරට අදත් ඇප නෑ
ඩෙංගු මරණ සංඛ්‍යාව තවත් ඉහළට