Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොදෙව්වන්ට අයි.සී.සී යෙන් දඩ! ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු දෙකක් ද අහිමි වෙයි!

4 hours ago

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඇන්ටිගුවා හි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යොමු කිරීමට අපොහොසත් වීම (Slow Over-rate) හේතුවෙන් කොදෙව් කණ්ඩායමට සිය තරග ගාස්තුවෙන් 10%ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පියවර ගෙන තිබේ.

මෙම තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කළ ඉන්දීය ජාතික ජවගල් ශ්‍රීනාත් මහතා විසින් වාර්තා කර ඇත්තේ, කොදෙව් කණ්ඩායම නියමිත කාලය අවසන් වන විට යොමු කළ යුතු පන්දුවාර සංඛ්‍යාවට වඩා පන්දුවාර 2ක් අඩුවෙන් යොමු කර ඇති බවයි. අයි.සී.සී. චර්යාධර්ම සංග්‍රහයට අනුව, කණ්ඩායමක් නියමිත කාලය තුළ පන්දු යැවීමට අපොහොසත් වන සෑම පන්දුවාරයක් සඳහාම ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුවෙන් 5%ක දඩයක් පැනවෙන අතර, ඒ අනුව පන්දුවාර 2ක් ප්‍රමාද වීම හේතුවෙන් ඔවුන්ට මෙලෙස 10%ක දඩයක් නියම වී ඇත. මෙම දඩ මුදල 50%ක උපරිමයක් දක්වා පැනවීමට ද හැකියාව පවතී.

දඩ මුදලට අමතරව, අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ (WTC) කොදෙව් කණ්ඩායම ලබා සිටි ප්‍රසාද ලකුණු සංඛ්‍යාවෙන් ලකුණු 2ක් කපා හැරීමට ද තීරණය කර තිබේ. ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග කොන්දේසිවලට අනුව, නියමිත කාලය තුළ සම්පූර්ණ නොකරන සෑම පන්දුවාරයක් සඳහාම ප්‍රසාද ලකුණු සටහනෙන් එක් ලකුණ බැගින් කපා හරිනු ලබයි. ඒ අනුව පන්දුවාර දෙකක ප්‍රමාදය වෙනුවෙන් ඔවුන්ට මෙලෙස ලකුණු 2ක් අහිමි වී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *