Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කෝටි ගාණක රත්තරන් ගුවන්තොටේදී අල්ලයි

10 hours ago

ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් එක් කෝටි දහ අට ලක්ෂ අසූ පන් දහස් පන්සිය දහහතරක් වටිනා රත්තරන් තොගයක් සමඟ 53 හැවිරිදි මාතලේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ඊයේ උදෑසන දිවයිනට පැමිණි සැකකරුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ ග්‍රෑම් 271කට අධික බරින් යුත් රන් කරමාල 12ක්, අත් පළඳනා 10ක් සහ රන් බිස්කට් 2ක් සොයාගෙන තිබේ.

අද උදෑසන නයිකන්ද රේගු නිවාරණ කාර්යාලයේදී පැවැති විධිමත් රේගු පරීක්ෂණයෙන් පසු මෙම සමස්ත රත්තරන් තොගයම රාජසන්තක කිරීමට නියෝග කෙරුණු අතර, සැකකාර ගුවන් මගියාට රුපියල් ලක්ෂ 10ක දඩ මුදලක් ද පනවනු ලැබීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *