Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට ගැසට් නිවේදනයක්

13 hours ago

බන්ධනාගාර ආඥා පනතේ 2 වන වගන්තියෙන් තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළ ගැසට් නිවේදනය අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් නිකුත් කර තිබේ.

මෙයට අමතරව, ගාල්ල මහමෝදර ප්‍රදේශයේද නව බන්ධනාගාරයක් පිහිටුවීම සඳහා පසුගිය 07 වැනිදා අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි.

අධිකරණ අමාත්‍යාංශය සඳහන් කර ඇති පරිදි, ගාල්ලේ මෙම නව බන්ධනාගාරය දැනට වසාදමා ඇති මහමෝදර පැරණි රෝහල් පරිශ්‍රයේ කොටසක තාවකාලික පදනම මත පවත්වාගෙන යාමට නියමිතව ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *