Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වසර 5ක් සිරුරෙන් බද්ධව සිටි දැරියන් සැත්කමකින් වෙන්කර ලොවට පෙන්වූ අපේ වෛද්‍යවරුන්ගේ හැකියාව! ලෝකයටම තවමත් සැත්කම් 20යි! (වීඩියෝ)

19 minutes ago

මෙරට වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් , ශ්‍රෝණියෙන් බද්ධ වී සිටි නිවුන් දැරියන් දෙදෙනකු ඉතා සංකීර්ණ සැත්කමකින් පසු සාර්ථකව වෙන් කිරීමට මෙරට වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබේ.

ඒ්, පේරාදෙණිය ශික්ෂණ රෝහල , පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය එක්වය.

මාවනැල්ල අරණායක ප්‍රදේශයේදී 2021 වසරේ උපත ලබන ලිනුලි තරුල්‍යා සහ ලිතුලි මනුල්‍යා මෙලොව එළිය දකින්නේ අතිශය සංකීර්ණ ලෙස ශ්‍රෝණියෙන් බද්ධවූ නිවුන් දැරියන් ලෙසයි.

වසර 5කට අධික කාලයක් තිස්සේ පේරාදෙණිය ශික්ෂණ රෝහල , පේරාදෙණිය සිරිමාවේ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය එක්ව මේ දැරියන් සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් සහ සැත්කම් ගණනාවක් සිදුකර තිබුණි.

එහි අතිශය තීරණාත්මකම සැත්කම පසුගිය ජුනි 10 වැනිදා සිදුකර තිබුණේ මව්කුසේ සිට බද්ධ වී මෙලොවට පැමිණි දැරියන් දෙදෙනා ස්වාධීන දැරියන් දෙදෙනෙකු ලෙස සාර්ථකව වෙන් කරමින්ය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *