Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රවී සෙනෙවිරත්න එක් චෝදනාවකට වරද පිළිගනියි! රුපියල් 2,500ක දඩයක් පනවයි!

3 hours ago

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට එරෙහිව ගොනුකර ඇති රිය අනතුරු නඩුවේ එක් චෝදනාවකට ඔහු අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.

2023 වසරේ වැල්ලවත්ත මුහුදුබඩ මාර්ගයේදී (Marine Drive) ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකට අදාළව ගොනුකර ඇති නඩුවේ ‘රිය අනතුරක් වළක්වා නොගැනීම’ යන චෝදනාවට ඔහු මෙලෙස වරද පිළිගෙන ඇති බව සඳහන්.

ඒ අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය විසින් ඔහුට රුපියල් 2,500ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

රවී සෙනෙවිරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දී ඇත්තේ, තම සේවාදායකයා අදාළ චෝදනාවට වරද පිළිගන්නා බවයි.

මෙම නඩුවේ ඉතිරි චෝදනා ලෙස අපරීක්ෂාකාරීව රිය පැදවීම සහ බීමත්ව රිය පැදවීම යන චෝදනා ඇතුළත්.

එම චෝදනා සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීමට නඩුව යළි කැඳවීමට නියම කර තිබෙනවා.

ඒ අනුව අදාළ නඩුව ලබන අගෝස්තු මස 20 වනදා යළි කැඳවන ලෙසයි ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙන්නේ.

එදින දඩ මුදල ගෙවීම සහ ඉතිරි චෝදනා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *