චාමික හීනටිගලගේ අතිවිශිෂ්ට පිතිකරණ දක්ෂතා හේතුවෙන් සංචාරක ඉන්දීය යොවුන් කණ්ඩායම පරාජය කරමින් තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් එක් කඩුල්ලක අතිශය තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය.
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තීරණාත්මක තරගය ජයගැනීමත් සමග, තරග 3කින් සමන්විත වූ එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමටද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකි විය.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී ලකුණු 290ක් රැස් කළ අතර, ඒ අනුව ශ්‍රී ලංකාවට තරගය ජයගැනීම සඳහා ලකුණු 291ක දැවැන්ත ඉලක්කයක් හිමි විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු එක පිට එක බිඳ වැටෙමින්, තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් ගිලිහී යමින් පැවති මොහොතක, 7 වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි චාමික හීනටිගල තරගයේ ඉරණම මුළුමනින්ම වෙනස් කිරීමට සමත් විය. කඩුලු 9ක්ම දැවී අතිශය අසීරු තත්ත්වයක් දක්වා ඇදී ගිය මෙම තරගය, අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේදී ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ ඔහුගේ මෙම සුපිරි ඉනිම හේතුවෙනි.
මෙහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ චාමික හීනටිගල පන්දු 68කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 84ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට මනා ශක්තියක් වෙමින් දක්ෂ පිතිහරඹයක නිරත වූ සෙනුජ වැකුණගොඩ ලකුණු 67ක් ලබා ගත් අතර, කෙත්ම විතානපතිරණ තරගයේ ජයග්‍රහණය සඳහා මූලික මාවත සකස් කරමින් වටිනා ලකුණු 31ක් රැස් කිරීමට සමත් විය.

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරුවන්ට අධිකරණයෙන් අද දුන් නියෝගය
රවී සෙනෙවිරත්න එක් චෝදනාවකට වරද පිළිගනියි! රුපියල් 2,500ක දඩයක් පනවයි!
වසර 5ක් සිරුරෙන් බද්ධව සිටි දැරියන් සැත්කමකින් වෙන්කර ලොවට පෙන්වූ අපේ වෛද්‍යවරුන්ගේ හැකියාව! ලෝකයටම තවමත් සැත්කම් 20යි! (වීඩියෝ)
දිස්ත්‍රික් ලේකම් සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්
මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම්
ඩෙංගු මරණ ඉහළට! රෝහල්වල තදබදයක්!
කොදෙව්වන්ට අයි.සී.සී යෙන් දඩ! ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු දෙකක් ද අහිමි වෙයි!
ඩොලරය යළි සෙලවෙයි
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපාට නඩු පවරයි
මීගමුව බන්ධනාගාරය රැඳවියන් රඳවා තැබීම නුසුදුසු ස්ථානයක් බවට තීරණයක්
සහෝදර නිලධාරීන් බේරා ගැනීමට පෙරමුණ ගත් නිලධාරියාට පාතලයෙන් තර්ජන
කෝටි ගාණක රත්තරන් ගුවන්තොටේදී අල්ලයි