බන්ධනාගාර ගත කර සිටි භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු, සැකකරුගේ බිරිද සහ සැකකරුට සහයෝගය ලබා දුන් දෙදෙනා ඇතුලු සිව් දෙනා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
බන්ධනාගාර ගතකර සිටි නුවරඑළියේදී භෞත චිකිත්සකවරිය ඝාතනය කල ප්‍රධාන සැකකරු, සැකකරුගේ බිරිද සහ සැකකරුට සහයෝගය දුන් දෙදෙනා ඇතුලු සිව් දෙනා අද (09) නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ නුවරඑළිය පොලීසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා විසින් ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ රුධිර සාම්පලයක් ලබා ගැනීමට අවශ්‍ය බවට මහෙස්ත්රාත්වරියගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
ඒ අනුව සැකකරු බන්ධනාගාර නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝගකර ඇති අතර බන්ධනාගාර නිළධාරීන් සහ පොලිස් නිළධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගොස් රුධිර සාම්පල ලබාදීමෙන් පසු යළිත් සැකකරුවන් සිව්දෙනා නුවරඑළිය මහෙස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කර තිබේ.
අනතුරුව සැකකරුවන් එළැඹෙන 16වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

චාමිකගේ සුපිරි ඉනිම ශ්‍රී ලංකා පිලට ජය ගෙන දෙයි
රවී සෙනෙවිරත්න එක් චෝදනාවකට වරද පිළිගනියි! රුපියල් 2,500ක දඩයක් පනවයි!
වසර 5ක් සිරුරෙන් බද්ධව සිටි දැරියන් සැත්කමකින් වෙන්කර ලොවට පෙන්වූ අපේ වෛද්‍යවරුන්ගේ හැකියාව! ලෝකයටම තවමත් සැත්කම් 20යි! (වීඩියෝ)
දිස්ත්‍රික් ලේකම් සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්
මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම්
ඩෙංගු මරණ ඉහළට! රෝහල්වල තදබදයක්!
කොදෙව්වන්ට අයි.සී.සී යෙන් දඩ! ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු දෙකක් ද අහිමි වෙයි!
ඩොලරය යළි සෙලවෙයි
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපාට නඩු පවරයි
මීගමුව බන්ධනාගාරය රැඳවියන් රඳවා තැබීම නුසුදුසු ස්ථානයක් බවට තීරණයක්
සහෝදර නිලධාරීන් බේරා ගැනීමට පෙරමුණ ගත් නිලධාරියාට පාතලයෙන් තර්ජන
කෝටි ගාණක රත්තරන් ගුවන්තොටේදී අල්ලයි