නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම අංශයේ නිළධාරින් දෙදෙනෙකු මුදල් වංචාවක් සම්බන්ධයෙන් හැටන් පොලිස් කොට්ඨාශයේ විශේෂ විමර්ෂණ ඒකකයේ නිලධාරින් විසින් ඊයේ (31) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, එම අංශයේ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුමට මුදල් බැර නොකර එම නිලධාරින්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ගිණුම්වලට මුදල් බැර කර ඇති බවට නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විගණන අංශය මඟින් කළ විමර්ෂණයකින් අනතුරුව නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් මහතා විසින් හැටන් කොට්ඨාශ විශේෂ විමර්ෂණ ඒකකය වෙත කරන ලද පැමිණිල්ලක් මතය.
2025 වසරේ සිට මෙම මුදල් වංචාව සිදු කර තිබෙන බවත්, මෙම වංචා කළ මුදල මීට වඩා වැඩි වන්නට ඇති බවත්, ඒ වෙනුවෙන් එම කාර්යාලයේ තවත් නිලධාරින්ගේ සහයෝගය ලැබී ඇත්දැයි යන්න පිළිබඳව හැටන් පොලිසියේ විශේෂ විමර්ෂණ ඒකකය මඟින් වැඩිදුර විමර්ෂණය කරයි.
අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් තම අස්වැසුමට අදාළ මුදල් බැංකු ගිණුමට නොලද බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය වෙත ලිඛිතව දැනුම් දිමෙන් අනතුරුව ඒ පිළිබඳව සිදු කරන ලද මූලික විමර්ෂණයේදි මෙම මුදල් වංචාව අනාවරණය වි ඇත.

දෙමළ, මුස්ලිම් දේශපාලන පක්ෂ හා ජනපති අතර හමුවක්
මිනෙත්ගේ පිත්ත සහ තරින්දගේ පන්දුව බ්ලූම්ෆීල්ඩ් U23 අවසන් මහා තරගයට ගෙන යයි
මහනුවර සහ නුවරඑළියේ සියලු පාසල් හෙට වැසෙයි
කඩුගන්නාව – ගනේතැන්න අතර මාර්ගය වසා දමයි
මහවැලි ගඟ ආශ්රිත පහත්බිම්වලට ගංවතුර අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්
ඉදිරි පැය 24 කාලගුණය ගැන දැනුම්දීමක්
යෝෂිතට හා වසන්ත කරන්නාගොඩට අධිචෝදනා
පේරාදෙණිය සරසවියේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවයි
කැලණි ගංගා ද්‍රෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ
වසර 48ක Ruhunu Foods උරුමය නරඹන්න Kandy Royals කණ්ඩායම කුණ්ඩසාලයට යයි
ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි! 18 කට තුවාල!