දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා.
ශ්‍රි ලංකා නාවික හමුදාවේ හමුදාපති වශයෙන් කටයුතු කරමින් යෝෂිත රාජපක්ෂ නමැති විත්තිකරු 2006 වසරේ සැප්තැම්බර් මස 01 වනදා සහ 2007 වසරේ ජූනි මස 08 වැනිදා අතර කාලසීමාව තුළ අයුතු සහගත ලෙස බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ Royal navy young officers course පාඨමාලාව සඳහා සහභාගී වීමට අවස්ථාව සලසා රජයට පාඩුවක් සිදු කරන ලදැයි චෝදනා කරමින් හිටපු නාවික හමුදාපති වසත්ත කරන්නාගොඩට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබෙනවා.
එම ක්‍රියාව තුළින් අයුතු ලාභයක් ලබා ගැනීම සම්බන්ධයෙන් විත්තිකාර යෝෂිත රාජපක්ෂට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා සංඛ්‍යාව 08 ක්.
මෙම අධි චෝදනා පත්‍ර මේ වන විට කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන අතර එම චෝදනා භාරදීම සඳහා විත්තිකරුවන්ට ඉදිරියේදී අධිකරණය විසින් සිතාසි නිකුත් කිරීමට නියමිතයි.

මහනුවර සහ නුවරඑළියේ සියලු පාසල් හෙට වැසෙයි
කඩුගන්නාව – ගනේතැන්න අතර මාර්ගය වසා දමයි
මහවැලි ගඟ ආශ්රිත පහත්බිම්වලට ගංවතුර අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්
ඉදිරි පැය 24 කාලගුණය ගැන දැනුම්දීමක්
පේරාදෙණිය සරසවියේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවයි
කැලණි ගංගා ද්‍රෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ
වසර 48ක Ruhunu Foods උරුමය නරඹන්න Kandy Royals කණ්ඩායම කුණ්ඩසාලයට යයි
ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි! 18 කට තුවාල!
අද කාලගුණ නිවේදනය
අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පාසල් අවශ්‍ය පරිදි වසා තැබීමට අවසර
මහර නොසන්සුන්තාව මීගමුවේ සිද්ධියට වඩා වෙනස් – අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්