තමන්ට එරෙහිව අසත්‍ය, පදනම් විරහිත සහ අපහාසාත්මක පුවතක් පළ කිරීමෙන් තමන්ගේ කීර්ති නාමයට, වෘත්තීය මට්ටමට සහ ප්‍රතිරූපයට දැඩි හානියක් සිදුවූ බව පවසමින්, ප්‍රසිද්ධ රංගන ශිල්පිනී රිතූ ආකාර්ෂා මහත්මිය විසින් ලිමිටඩ් එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්), ප්‍රධාන කර්තෘ වෙත එන්තරවාසියක් යොමු කර තිබෙනවා.
එහි ප්‍රධාන කර්තෘ ප්‍රදීප් ධර්මශ්‍රී දසනායක සහ චන්දන ජයවීර යන අයට එරෙහිව නීතිඥ සුරංජන් ඉන්දික මහතා මාර්ගයෙන් රුපියල් මිලියන 100ක වන්දි ඉල්ලා මෙලෙස එන්තරවාසියක් යොමු කර තිබුණා.
මෙම එන්තරවාසිය යොමු කර ඇත්තේ පසුගිය ජූලි 31 වැනි දින ‘දිනමිණ’ පුවත්පතේ මුල් පිටුවේ පළවූ “ඇමති ධූරයේ වසර 2කට මර්වින්ට මිලියන 600ක වත්කම්- ප්‍රසිද්ධ නිළියකටත් ලක්ෂ ගණනින් ගෙවලා” යන සිරස්තලයෙන් යුත් පුවත සහ එහි 4 වන පිටුවේ පළවූ දීර්ඝ විස්තරාත්මක පුවත සම්බන්ධයෙන්.
කොළඹ මහාධිකරණයේ විභාග වන එච්.සී.බී. 387/25 (HCB 387/25) නඩුවට අදාළව හිටපු දේශපාලනඥයෙකුට එරෙහි අධිචෝදනා පත්‍රයක සඳහන් ගනුදෙනුවකට රිතූ ආකාර්ෂා මහත්මිය සම්බන්ධ බවටත්, ඇයට එම දේශපාලනඥයා විසින් විශාල මුදලක් ගෙවා ඇති බවටත් ඉහත පුවත මගින් සෘජුව හෝ වක්‍රව අඟවා ඇති බව එම එන්තරවාසියෙන් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, අදාළ අධිචෝදනා පත්‍රයේ 41 වන චෝදනාවෙහි සඳහන් ගිණුම් අංකය හෝ තොරතුරු රිතූ ආකාර්ෂා මහත්මියට අයත් බවට තහවුරු කෙරෙන කිසිදු නිශ්චිත සාක්ෂියක් නොමැති බව ඇගේ නීතිඥවරයා පවසනවා.
එමෙන්ම, 2026 අගෝස්තු 02 දිනැති ලිපියක් මගින් DFCC බැංකුව තහවුරු කර ඇත්තේ රිතූ ආකාර්ෂා මහත්මිය විසින් එම බැංකුවේ කිසිදු ගිණුමක් පවත්වාගෙන ගොස් නොමැති බවද එම එන්තරවාසිය මඟින් පෙන්වා දී තිබෙනවා.
පුවත්පත මගින් සිදුකළ මෙම අසත්‍ය වාර්තාකරණය හේතුවෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේද මෙම අපහාසාත්මක කරුණු සංසරණය වී ඇයට දැඩි මානසික පීඩාවක්, වෘත්තීයමය හානියක් සහ අපකීර්තියක් සිදුවූ බව මෙහි සඳහන් වනවා.
එබැවින්, එන්තරවාසිය ලැබී දින 14ක් ඇතුළත ඉල්ලා සිටින රුපියල් කෝටි 10ක වන්දි මුදල ගෙවීමට පියවර නොගන්නේ නම්, අදාළ පිරිස්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ලැබී ඇති බවද එම එන්තරවාසියේ සඳහන් වනවා.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්