ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක නැවත ගොඩනැගීමේ (Reconstruction Package) ආධාර පැකේජය යටතේ, මෙට්‍රික් ටොන් 250කට වඩා බරින් යුත් තවත් බේලි පාලම් (Bailey Bridges) තොගයක් ඊයේ (06) ශ්‍රී ලංකාවට නිල වශයෙන් භාර දී තිබෙනවා.
මෙම පාලම් තොගය ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් ශ්‍රී මෛත්‍රී කුල්කර්ණි (Shri Maitrey Kulkarni) විසින් සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ වෙත භාර දුන් බවයි ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.
දිට්වා සුළි කුණාටුවෙන් දිවයින පුරා ප්‍රවාහන සබඳතා නැවත යථා තත්ත්වයට පත් කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනයට සහාය වීම අරමුණු කරගනිමින් මෙම පාලම් දිවයින පුරා ස්ථාපනය කිරීමට නියමිතයි.

ඉන්දු – ලංකා ටෙස්ට් තරග නොමිලේ නැරඹීමට අවස්ථාවක්
කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාර සන්සුන් වෙයි
ලක්ෂ්මන් යාපාට ඇප
එක්සත් ජාතික පක්ෂයෙන් විපක්ෂ නායක සජිත්ට ප්‍රශංසා
තුවාල ලැබූ පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් 28ක් වැලිකඩ රෝහලට
බන්ධනාගාරවල ඇතිවු සිද්ධීන් ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
රවී සෙනෙවිරත්නට එරෙහි නඩුවක් ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
රුපියල යළි සෙලවෙයි
පොලිස්පතිගේ සහ අගවිනිසුරුගේ නිල නිවස වීඩියෝ කළ රියදුරා අත්අඩංගුවට
පල්ලන්සේන බන්ධනාගාරයේත් නොසන්සුන්තාවක්