Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අවුරුදු 4ක දැරියක් මහ මග දමා ගිය මව සහ සැකකරු අත්අඩංගුවට

1 hour ago

අමානුෂික ලෙස පහරදී පාළු ස්ථානයක අතරමං කර දමා ගොස් සිටි අවුරුදු 4ක් වයසැති දැරියගේ මව සහ තවත් සැකකරුවෙකු හාලිඇල පොලීසිය විසින් අද (14) පෙරවරුවේ හාලිඇල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (13) පෙරවරු 7.00ට පමණ වත්තේගම, යටිරාවණ මාර්ගයේ පාළු ස්ථානයක අතහැර දමා ගොස් සිටි මෙම දැරිය, පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව වත්තේගම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිය භාරයට ගෙන තිබුණි.

දැරිය ත්‍රීරෝද රථයකින් රැගෙන ඇවිත් එම ස්ථානයේ දමාගොස් ඇති බවට සැකකළ පොලීසිය, ඒ ඔස්සේ CCTV දර්ශන පරීක්ෂා කරමින් සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව අදාළ සැකකරු සහ දැරියගේ මව මෙලෙස අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *