අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්රමයේ 11 වන (2026/2027) අදියර සඳහා සිසුන් බඳවා ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ කර ඇත.
ඒ අනුව අදාළ අයදුම්පත් එළැඹෙන සැප්තැම්බර් මස 27වැනිදා දක්වා යොමුකිරීමට අවස්ථාව තිබේ.
2023, 2024, 2025 යන වර්ෂයන් තුළදී අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට අවම වශයෙන් විෂයයන් තුනටම සාමාන්‍ය සාමාර්ථ (S) තුනක්, අ.පො.ස. උසස් පෙළ හෝ අ.පො.ස. සාමාන්‍ය පෙළ යන විභාගවල ඉංග්‍රීසි විෂයට අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් (S) අයදුම්කරුවන්ට තිබිය යුතුය.
එසේම සාමාන්‍ය පොදු පරීක්ෂණයට අවම වශයෙන් ලකුණු 30ක්ද වශයෙන් ලබාගත්, අයදුම්පත් කැඳවන අවසාන දිනට (2026.09.27) වයස අවුරුදු 25ට නොවැඩි, ඉහත මූලික සුදුසුකම් සපුරා ඇති සිසුන් හට මේ සඳහා අයදුම්පත් යොමුකිරීමට අවස්ථාව ඇත.
මෙමඟින් ඉංජිනේරු තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, විද්‍යාව, වාණිජ සහ මානව හා ශාස්ත්‍රීය යන විෂය ධාරාවන්ට අයත්ව, උපාධි පිරිනමන ආයතන 16ක් හරහා, උපාධි පාඨමාලා 129කට වැඩි සංඛ්‍යාවක සිසුන්ට හැදෑරීමට අවස්ථාව උදාකර දී තිබේ.

අද දින ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
අධ්‍යාපන සභාවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිවෙයි
පාසල් සිසුන් පිරිසකට රුපියල් 5,000ක මාසික දීමනාවක්
දිනේෂ් චන්දිමාල් වෙනුවට පසිඳු සූරියබණ්ඩාරව ආදේශක ක්‍රීඩකයා ලෙස කැඳවයි
ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සඳහා ලැබුණු ඉලක්කය
පුද්ගලයින් පස්දෙනෙක් ඝාතනය කළැයි පිල්ලෙයාන් ඇතුළු දෙදෙනෙක් තවදුරටත් රිමාන්ඩ්
ඉන්දීය තරගය අතරමැද චන්දිමාල්ට ආබාධයක්
පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්! විපක්ෂයෙන් දැඩි විරෝධයක්!
අකිල විරාජ්ට ඇප
කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට
හිටපු ඇමති රාජිත සේනාරත්නගේ සොහොයුරා අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය