Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් සිසුන් පිරිසකට රුපියල් 5,000ක මාසික දීමනාවක්

17 minutes ago

අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් සඳහා මසකට රුපියල් 5,000ක දීමනාවක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

2026 අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා දිවයින පුරා පාසල්වලින් අයැදුම්පත් කැඳවා තිබූ අතර, එහිදී සිසුන් 5,530 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණා.

සුදුසුකම් ලැබූ සියලුම සිසුන් වෙත අදාළ මාසික දීමනාව ගෙවීම සඳහා ප්‍රතිපාදන සලසා ගැනීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *