Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනියගේ අවසන් කැමැති පත්‍රය

14 minutes ago

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායිකා, විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා (22) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව මහාචාර්ය සුනිල් ආරියරත්න සඳහන් කරනවා.

ඒ අනුව, ඇගේ දේහය හෙට (21) උදෑසන 10.00 සිට නාවල, විජයබා මාවතේ පිහිටි ඇගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමටයි සියළු කටයුතු යොදා ඇත්තේ.

අනතුරුව සෙනසුරාදා පස්වරු 3.30 ට ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු දේහය අවසන් කටයුතු සඳහා බොරැල්ල සුසාන භූමිය වෙත රැගෙන යාමට නියමිතයි.

ඇගේ අවසන් කැමැත්තට ගරු කරමින්, කිසිදු නිල හෝ විශේෂ අවමංගල්‍ය උත්සවයකින් තොරව සෙනසුරාදා පස්වරු 5.00 ට බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදු කිරීමට පවුලේ ඥාතීන් තීරණය කර ඇති බවයි මහාචාර්ය සුනිල් ආරියරත්න වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *