මෙරට එක්සත් ජනපද තානාපතිවරයා ලෙස සිය ධුරයේ කටයුතු ආරම්භ කිරීම සඳහා එක්සත් ජනපද තානාපති ලෙස නම්කර ඇති එරික් මයර් (Eric Meyer) මහතා දිවයිනට පැමිණ තිබේ.
ඒ, අගෝස්තු 22වනිදාය.
ශ්‍රී ලංකාවේ 29 වැනි එක්සත් ජනපද තානාපතිවරයා ලෙස සේවය කිරීමට ලැබීම පිළිබඳව සිය උද්‍යෝගය පළ කරමින්, එ් මහතා ප්‍රකාශ කර ඇත්තේ,
”ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපදය නියෝජනය කිරීමට ලැබීම මට මහත් ගෞරවයකි. අප දෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් අතර පවතින ශක්තිමත් පදනම තවදුරටත් ගොඩනඟමින්, අමෙරිකානු ව්‍යාපාර සඳහා නව අවස්ථා නිර්මාණය කරන, අපගේ පොදු ආරක්ෂක අවශ්‍යතා තවදුරටත් ඉදිරියට ගෙන යන සහ අමෙරිකානුවන්ට මෙන්ම ශ්‍රී ලාංකිකයන්ට ද වඩාත් ඉහළ සෞභාග්‍යයක් උදා කරන එක්සත් ජනපද – ශ්‍රී ලංකා හවුල්කාරිත්වයක් ඉදිරියට ගෙන යාමට මම බලාපොරොත්තු වෙමි.”
මෙම ධුරයට පත්වීමට පෙර ඔහු නෝවේහි අමෙරිකානු දූත මණ්ඩලයේ තාවකාලික නිලධාරී ලෙස මෙන්ම අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙසද සේවය කර තිබේ.

පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට ලැබුණු දඩ
එල්නිනෝ හමුවේ විදුලි කප්පාදුවක්?
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි
ලබන වසරේ සිට මෙරට ජනතාවට විදුලි දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව
බදුල්ල රෝහලේ වෛද්‍යවරයාගේ මරණය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරි ඇප මත නිදහස්
ගුරු ස්ථාන මාරු ගැන ඇහෙන අලුත්ම කතාව
සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්
සලේට හානියක් වුණොත් ජනපති ප්රමුඛ ආණ්ඩුව වගකිවයුතු බවට චෝදනාවක්