Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලංකාවේ වෙබ් කතාමාලා ඉතිහාසය වෙනස් කරන්න එන සාරංගගේ “Toy එක”

18 minutes ago

රසිකයින් නොඉවසිල්ලෙන් බලාගෙන සිටි සාරංග දිසාසේකරගේ වෙනස්ම රංගනයක් සමඟ ආරම්භ වූ “Toy එක” නව කතාමාලාවේ ටීසරය මේ වනවිට සමාජ මාධ්‍යට නිකුත් වී තිබෙනවා.

ආරම්භයේදීම විශාල අවධානයක් දිනාගත් මෙම නිර්මාණය, පසුගිය දින කිහිපයේම රසිකයින් අතර බොහෝ කතාවට බඳු වූ කවුරුත් බලාගෙන සිටි සුන්දර කතාමාලාවක්..

විශේෂයෙන්ම, “Toy එක” කතාමාලාව sex toy එකක් වටා බැඳුණු සමාජයේ කවුරුත් කතා නොකරන පැත්තක් ගැන කතා කරන කුතුහලයෙන් යුතු නිර්මාණයක්.. ඒ හරහා කාන්තාව ගැන ජීවිතයට ගැඹුරු පණිවිඩයක් මේ කතාමාලාව තුලින් රසිකයින් අතරට ගෙන ඒම ඔවුන්ගේ අරමුණයි.

මෙහි ප්‍රධාන චරිත සඳහා සාරංග දිසාසේකර සමඟ අනුරාධා එදිරිසිංහ එක්ව ඇති අතර, සචින්තනී කෞශල්‍යා, දිදුල වැනි  නව පරම්පරාවේ දක්ෂ රංගන ශිල්පීන් මෙම කතාමාලාවට ශක්තියක් වී තිබේ. එසේම ජේෂ්ඨ රංගන ශිල්පීන් ලෙස නිමල් ජයසිංහ, ධනුෂ්කා ජයරත්න වැනි කලාකරුවන් මේ අපූරු නිර්මාණය සදහා සම්බන්ධ වී ඇති අතර තරුණත්වය සහ අත්දැකීම් එකට ගැළපෙන රංගන එකතුවක් නිසා “Toy එක” වෙනස්ම අත්දැකීමක් ලබාදෙන බවට රසිකයින්ගේ මතයයි.

ජෝ දිසානායකගේ අධ්‍යක්ෂණයෙන් හා ප්‍රසාද් ජයසිංහ විසින් රචිත කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූ මෙම කතාමාලාව චින්තක විජේතුංගගේ නිෂ්පාදනයක් ලෙස හැඩ ගැන්වී ඇත.

ඒ අනුව ලංකාවේ අංක එකේ මාධ්‍ය නාලිකාවක් වන ITN මාධ්‍ය නාලිකාවේ නිල ඩිජිටල් වේදිකාව වන ITNMAX වෙබ් අඩවිය තුළින් රසිකයින්ට මේ අපූරු කතාමාලාව නැරඹීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින් සිටියි. මේ වනවිටත් රසිකයින් අතර කතාවට ලක්වූ “Toy එක” කතාමාලාව, රංගන විශිෂ්ටත්වය සහ දෘශ්‍යමය ගුණාංග එක්වෙන හාස්‍යය පිරුණු නිර්මාණයක් ලෙස, ශ්‍රී ලාංකීය වෙබ් කතාමාලා ඉතිහාසය උඩුයටිකුරු කිරීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *