Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සියඹලා ඇටයක් උගුරේ සිරවීමෙන් 7 හැවිරිදි කුඩා දැරියකට අවාසනාවන්ත මරණයක්

57 seconds ago

සියඹලා ඇටයක් උගුරේ සිරවීමෙන් කුඩා ගැහැණු දරුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ගලහා, නිල්ලඹ – කුරුකැලේ ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිව සිටි, පවුලේ බාලම දරුවා වන සනුදී ලක්ෂානි නමැති අවුරුදු 07ක දැරියකි.

ඊයේ (02) පස්වරුවේ සිය සොහොයුරියන් සමඟ නිවසේ සෙල්ලම් කරමින් සිටින අතරතුර, දෙමාපියන්ට නොදැනෙන සේ කුස්සියේ තිබූ සියඹලා ස්වල්පයක් ලබාගෙන අනුභව කිරීමට දැරිය උත්සාහ කර ඇත.

එහිදී සියඹලා ඇටයක් උගුරේ සිරවීමෙන් දැරිය දැඩි ලෙස අසනීප වී තිබේ.

සිද්ධිය සැලවීමත් සමඟ නිවසේ සිටි මව ඇතුළු ඥාතීන් විසින් දරුවා බේරාගැනීම සඳහා ලොරිරථයකින් පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතත්, රෝහල වෙත ගෙන යන අතරතුරදීත් දැරිය ජීවිතක්ෂයට පත්ව ඇත.

මෘත ශරීරය දැනට පේරාදෙණිය රෝහලේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගලහා පොලීසිය විසින් සිදුකරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *