Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලීසියට කට්ටි පැන්න කූඹිකැලේ චූටි’ගේ බිරිඳ හෙරොයින් සමඟ මාට්ටු

42 minutes ago

වසර ගණනාවක් පුරා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ‘කොම්පඤ්ඤවීදියේ කුඩු නෝනා’ හෙවත් ‘නෝනා අම්මා’ නැමැති කාන්තාව හෙරොයින් මත්ද්‍රව්‍ය සහ ජාවාරමෙන් උපයාගත් මුදල් ද සමඟ කිරිබත්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පද්මා රංජනී නැමැති 54 හැවිරිදි මෙම සැකකාරිය, සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට ලබාදීම සඳහා මත්ද්‍රව්‍ය රැගෙන ආ අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී විකිණීමට සූදානම් කර තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සහ මත්ද්‍රව්‍ය විකිණීමෙන් උපයාගන්නා ලදැයි සැකකෙරෙන රුපියල් 48,000ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

කොම්පඤ්ඤවීදිය සහ කිරිබත්ගොඩ ප්‍රදේශයන්හි පදිංචිව සිට ඇති ඇයට එරෙහිව මීට පෙරද මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වී ඇති අතර, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 34ක් ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වූ තැනැත්තියකි.

දීර්ඝ කාලයක සිට පොලීසිය මගහරිමින් සිටි මෙම සැකකාරිය සම්බන්ධයෙන් සහ ඇය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල්, දේපළ හා වත්කම් පිළිබඳව විශේෂ විමර්ශනයක් කිරිබත්ගොඩ පොලීසිය මගින් ආරම්භ කර ඇත.

එම වත්කම් සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණයට තොරතුරු වාර්තා කිරීමට නියමිතය.

අත්අඩංගුවට ගත් සැකකාරිය, මෑතකදී පාතාල කල්ලි දෙකක් අතර ඇතිවූ ගැටුමකින් මියගිය ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ ‘චූටි උක්කුං’ නමැත්තාගේ නැන්දණිය බවට ද අනාවරණය වී තිබේ.

‘කූඹිකැලේ චූටි’ ලෙස හැඳින්වෙන ඇගේ සැමියා ද මේ වන විට මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරු වී රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙයි.

මේ අතර, විෂමද්‍රව්‍ය පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන සැකකාරිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *